අපිට හරියන්නේ නැත්තේ ඇයි?

අපිට හරියන්නේ නැත්තේ ඇයි?

ගොඩක් දෙනෙක් නගන ප්‍රශ්නයක් තමයි ඇයි අපට හරියන්නේ නැත්තේ කියලා.. ඇත්තටම මේකට හේතුව අපිමයි කියලා ඔබ දැන ගෙන සිටියාද

ගොඩක් දෙනෙක් හරියනවා කියලා අදහස් කරන්නේ හොද ආර්ථික තත්වයක් ය‍ටතේ අගහිග කම් වලින් තොරව ජීවිතය ගෙන යාමයි. තවත් පිරිසක් අධ්‍යාපනික ජයග්‍රහණ නොමැතිවීම නිසාද අපිට හරි යන්නේ නැ කියනවා..
කෙසේ නමුත් සියල්ල සිදු වන්නේ අපි සිතන පතන අයුරින් කියලා ඔබ සිතුවාද?

ඔබට ජයග්‍රාහී ලෙස සිතන්නට පුලුවන් නම් ඔබ ජයග්‍රහනය කරා ගෙන යයි. ඔබ ධනවතෙක් ලෙස සිතන්නට පුලුවන් නම් ඔබට ධනවතෙක් වීමට පුලුවන‍..
අපගේ මනසට ඇති බලය පුදුමාකාරයි..අති ප්‍රභලයි.. එය නිවැරදිව ධනාත්මකව මෙහෙය වුවොත් එයින් ලබා ගත හැකි ප්‍රථිපඵල අති මහත්..

වපුරන දෙය තමයි ලැබෙන්නේ කියලා කියමනක් ඔබ අසා ඇති.. සිතේ ඇති අසීමිත බලයෙන් වැඩ ගැනීමේදීත් එම කියමන ඉතා වැදගත්…

ඔබ‍ට දැන් ලැබී ඇති තත්ත්වයට වග කිව යුත්තේ ඔබයි.  ඔබ සිතුව දේ ඔබට ලැබී ඇති..

ඔබ ධනාත්මක සිතුවිලි වගා කලේ නම් ඔබට දියුණුවක්ද, සෘණාත්මක සිතුවිලි සිතමින් සි‍ටියේ නම් පරිහානියක්ද ඔබට ලැබී ඇති…

ඔබට දියුණු වීමට අවංක වුවමනාවක් ඇත්නම් ඔබ මුලින්ම වෙනස් කර ගත යුත්තේ ඔබේ සිතයි.. ඔබ සිතන ආකාරයි.. හරියන්නට නම් එය කල යුතුමය.

ඔබ තුල පවතින බලය ඔබ ‍දන්නේ නම් ඔබ මවිත වනු ඇත. ඔබේ සිතුවිලි වලින් මෙලොව කල නොහැකි දෙයක් නැත. හොද මෙන්ම නරකද එසේමය.
ඔබට හොදක් වීමට මෙන්ම නරකක් වීමටද ඔබගේ සිතුවිලි තදින්ම බලපායි.

ඔබ සෘණාත්මක සිතුවිලි වලින් සිත පුරවාගෙන සිටිනතාක්කල් ඔබට අසනීප, අගහිකම්. දුක් කම් කටොලු අඩුවක් නොවේ. ඔබ ධනාත්මක සිතුවිල් මගින් සිත පුරෝගෙන සිටින්නේ නමි නිරෝගී භාවය, සතුට, දියුණුව ඔබ අසලමය.

ඔබට හරියන්නට නම් දැන්ම ඔබගේ සිතුවිලි වෙනස් කර ගත යුතුය. නිරන්තරයෙන් ධනාත්මක සිතුවිලි වලින් සිත පුරවාගෙන කටයුතු කල යුතුය. තමාගේ අනාගතය ගැන නිරන්තර සුභවාදී සිහින දැකිය යුතුය. ඒ සිහින ඔබව දියුණූවේ යථාර්ථය කරා ගෙන යාමට උදවු කරයි.‍

ඔබට නිරන්තරයෙන් ඔබ දියුණු වී සතුටින් සිටින අයුරු සිහිපත් කල හැකිනම් අනිවාර්යයයෙන් ඔබ සිතු දියුණුවට යෑමට අවැසි සියල්ල ඔබ වෙත සමීප වනු ඇත. අප සමාජයේ සාර්ථකත්වයට පත් වු ‍සෑම කෙනෙකු තුලම ඒ සාර්ථකත්වය පිළිබද සිහිනයක් තිබී ඇත.

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now