ධනාත්මක සිතුවිල්ලක බලය..

ධනාත්මක සිතුවිල්ලක බලය..

සිතුවිල්ලක අති මහත් බලයක් ඇත. ඔබ දන්නවාද ඔබ දැන් සිතන සිතුවිල්ල අනුව ඔබගේ අනාගතය කෙසේ එකක් දැයි තීරණය වන බව…

ඔබ මේ දැන් වර්ථමානයේ සිටින තත්ත්වය හේතුව ඔබගේ සිතුවිලිය. ඔබ දැන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් සිටිනවා නම් අනිවාර්යෙන් ඔබ ධනාත්මක සිතුවිලි වලින් පෝසත් කෙනෙකුය. නමුත් ඔබ වර්ථමානයේ පසුතැවෙමින් දුකින් කලකිරීමෙන් ජීවත් වෙනවා නම් ඔබ සෘණාත්මක සිතුවිලි දරන්නෙකුය.

සිතන්න ඔබ දැනට සිටින තත්ත්වයට වඩා හොද තැනකට පැමිණිමට අවශ්‍ය නම් මුලින්ම කල යුත්තේ ඔබේ සිතුවිලි වෙනස් කර ගැනීමයි.. ගොඩක් දෙනෙක් ජීවිතය දුක්ඛිත ලෙස ගෙවමින් කවදා හරි හොද කාලයක් ලැබෙතැයි සිතමින් කාලය ගත කලත් සිතුවිලි වෙනස් වීමකින් තොරව හොද කාලයක් කිසිදා උදා වෙන්නේ නැත. ඒ තරම්ම ඔබ නොසලකුවත් ඔබගේ සිතුවිලි ප්‍රභලය… බලවත්ය..

එබැවින් ඔබට දැන් අත්විදිමින් තිබෙන දුක් කම්කටොලු පසුතැවීම් වලින් මිදීම සදහා ඔබගේ සිතුවිලි ධනාත්මක ලෙස වෙනස් කර ගැනිමට අධිෂ්ඨානශිලිව කටයුතු ආරම්භ කල යුතුය.

ඒ සදහා ඔබට පහත සදහන් ආකාරයට කටයුතු ආරම්භ කල හැකිය.

– ඔබ තුල පුරුද්දට මෙන් ඇති වෙන සෘණාත්මක සිතුවිලි හදුනා ගැනීමට උත්සහ දැරීම ආරම්භ කරන්න.
– සෘණාත්මක සිතුවිල්ලක් ඇති වු විගස ඊට විරුද්ධ ධනාත්මක සිතුවිල්ලක් සිතන්න.
– සෘණාත්මක සිතුවිලි සහිත පරිසර වලින්/ මිතුරු මිතුරුයන් ගෙන ඈත් වන්න..
– ධනාත්ම සිතුවිල් සහිත හිතවතුන් සමීප කර ගන්න..
– සෘණාත්මක අදහස් ගැන කථා නොකරන්න
– ධනාත්මක දේ ගැන පමණක් කථා කරන්න.
– සෘණාත්මක අදහස් ඇති චිත්‍රපටි/ ටෙලිනාට්‍ය නැරඹීමෙන් මිදෙන්න..
– ඔබ ගැන ඇති විශ්වාසය වැඩි කර ගන්න..
– ජීවිතය දෙස අවංකවම ධනාත්මකව බලන්න.. එවිට ඔබ නොදැනීම ජීවිතය සතුටින් තෘප්තියෙන් පිරි එකක් වනු ඇත.

සෘණාත්මක සිතුවිලි මගින් දැනට ඔබගේ ජීවිතයට ආකර්ෂණය කර දී ඇති දුක් කරදර වලින් මිදී, ප්‍රීතිමත් ජීවිතයක් ලබා ගැනීමට ධනාත්මක සිතුවිලි වල හුරුපුරුදු වීමට ඔබ තනිව අපහසු නම් ඒ සදහා පුර්ණ වශයෙන් නොමිලේ ඔබට සහාය වීමට අප සුදානමින් සිටී.

එබැවින් ඔබගේ ගැටඵ info@positive.lk විද්‍යුත් ලිපිනය හෝ මෙතැනින් අප වෙත යොමු කරන්න

Call Now