අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක වෙන්න ඔබත් කැමතිද?

අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක වෙන්න ඔබත් කැමතිද?

ලෝක‍යේ දැන‍ට සාර්ථක වී ඇති සෑම ප්‍රධාන පෙලේ ව්‍යාපාරක්ම ආරම්භ කලේ, යමෙකුට සිතට නැගුණු සිතුවිල්ලකට පණ දී එය කුඩාවට ආරම්භකර‍ය. ඒ අයුරින් ඔබටත් අලුත් ව්‍යාපාරයක් ආරම්භ කර සාර්ථක කර ගැනීමට පුලුවන්.

ඒ සදහා මුලින්ම ඔබ තුල ආරම්භ කරන ව්‍යාපාරය පිළිබද අලුත් අදහසක් තිබිය යුතුය. එය සාර්ථක කර ගත හැකියැයි අවංක අධිෂ්ඨානයක් හා විශ්වාසයක්ද පැවතිය යුතුය. ඒ කියන්නේ අලුත් දෙයක් පටන් ගන්න කොට මේ දේ අනිවාර්යෙන් සාර්ථක වෙනවා කියලා ලොකු විශ්වාසයක් ඇති කර ගන්න ඕනි. ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගන්න කල්පනා කාරී වෙන්න ඕනි. එ‍සේම කිසිම විටක කිසිම දෙයක් කල් දාන්න එපා.

ව්‍යාපාරයේ දියුණුව ගැන නිතරම සිහින දකින්න ඕනි. තමන් සාර්ථක වෙලා ඉන්නවා සිතින් දකිනවා වගේම ව්‍යාපාරය සාර්ථක කර ගන්න කරන වැඩ ගැනත් නිතරම සිතන්න ඕනි.

තවත් වැදගත් දෙයක් තමයි අලුතින් ආරම්භ කල ව්‍යාපාරයේ විෂය ක්ෂේත්‍රය පිළිබද නිරත්තරයෙන් අලුතින් ඉගෙන ගන්න ඕනි. එය නොනිමි ඉ‍ගෙනීමක් වන්නට ‍ඕනි. ඔබගේ ව්‍යාපාරයේ ස්ථාවරත්වයට ඔබ‍ට එම විෂය ක්ෂේත්‍රය පිළිබද තිබෙන දැනුම ඉතා වැදගත්.

ඔබ කරන දේ සාර්ථකව නිමාවක් දකින්න ඕනි නම් ඔබ තුල විශේෂ ලක්ෂණයක් තිබෙන්නට ඕනි. ඒ ඔබ පටන් ගත්ත අලුත් ව්‍යාපරය පිළිබද දැඩි කැප වීමක් උනන්දුවක් ( පිස්සුවක් ) හදාගන්න ඕනි. එය ව්‍යාපාරය සාර්ථක වන තුරුම පවත්වා ගන්නට ඕනි. එවිට ඔබ ගොඩක් උනන්දුවෙන් හා කැපවීමෙන් වැඩ කරන්න පෙළඹෙනවා. ඒ නිසා ඔබේ ව්‍යාපාරය ඉක්මනින් දියුණු වෙනවා වගේම ඔබට සතුටක්ද ගෙන දෙනවා. (මේ ලොකේ වටිනාම දේ වගේම වටිනාම ධනය සතුටයි.)

හැකි සෑම විමට අලුතින් පටන්ගත්ත දේ පිළිබද සිතන්න, සැලසුම් කරන්න. විශ්වාස කරන්න.

ඒ වගේම ඉතා වැදගත් දේ නම්, සාර්ථක වෙන තෙක් ඔබට හොද ඉවසීමක් තිබෙන්නට ඕනි. ආරම්භයේදී හෝ අතරමගදී එන අභියෝග හා බාධාවන් පිළිබද කම්පා නොවී සාර්ථක වෙනවා යැයි ස්ථීර අධිෂ්ඨානයෙන් ක‍ටයුතු කරන්න ඕනි. කොතෙක් බාධා පැමිණියත් ඔබට ඒවා මැඩගෙන සාර්ථකවීමට හැකි බව ඔබ තදින් විශ්වාස කල යුතුය. එවිට ඔබ පුදුමට පත් කරමින් ඔබට ඒ සදහා අවශ්‍ය සියල්ල, දැනුම සමගින් ඔබ ලගට කාන්දමකට ඇදෙවා සේ ලැබෙනවා ඔබට ඇත්තටම දැනෙන්නට පටන් ගනී. එසේම ඇතිවන සියඵම බාධාවන්ද පුදුම සහගත ලෙස මග ඇරීයනවා ඔබට දැනෙයි.

ව්‍යාපාරයට එක් කල යුතු අලුත් දෑ මොනවද, වෙනස් කල යුතු දෑ මොනවාද කියලා නිතරම සිතන්න. ඇත්තෙන්ම ඔබේ ව්‍යාපාරය ඇගට ඇරන් වැඩ කරන්න. එසේම ඔබත් වෙනස් වෙන්න හිතන්න. එය අදිනපලදින විදියේ සිට සිතන පතන විදිය දක්වා ධනාත්මකව වෙනස් කරන්න. එවිට ඔබ සමගින් ව්‍යාපරයත් සාර්ථක වී ඔබත් නමගිය විශිෂ්ඨ ව්‍යාපාරිකයෙකු ලෙස ලෝකය පිළිගනු ඇත.

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now