
Positive.lk අප ගැන..
අප මානසික සුවතාවය, පෞද්ගලික සංවර්ධනය සහ චිත්තවේගීය සමබරතාවය වෙනුවෙන් කැපවූ වෘත්තීයමය මනෝවිද්‍යා උපදේශන සහ මනෝ ප්‍රතිකාරක සේවා සපයන ප්‍රමුඛ ආයතනයකි. අපගේ ඉලක්කය වන්නේ, පුද්ගල කේන්ද්‍රීය ප්‍රවේශයන් සහ නවීන චිකිත්සක ක්‍රමවේද හරහා ඔබගේ මානසික ඔරොත්තු දීමේ හැකියාව සහ ජීවිතයේ සතුට සැනසුම ඉහළ නැංවීමට අවශ්‍ය විශ්වාසනීය මඟපෙන්වීම ලබා දීමයි.
අප වෙතින් පිරිනමන මෙම විශේෂිත පුහුණු වැඩසටහන් මඟින් ඔබගේ එදිනෙදා ජීවිතයේ සහ රැකියා ස්ථානයේ ඇති වන මානසික පීඩනය හා ආතතිය නිවැරදිව කළමනාකරණය කර ගැනීමට (Stress Management) ඔබට අවශ්‍ය වෘත්තීයමය මඟපෙන්වීම ලබා දෙයි. සතිමත්බව (Mindfulness) මුලික කරගත් මානසික සුවතාවයෙන් පිරි, සමතුලිත, සැහැල්ලු ජීවන රටාවක් නිර්මාණය කර ගැනීම සඳහා අපගේ පුහුණු වැඩසටහන් වලට සම්බන්ධ වීමට ඔබ අවස්ථාව ඇත.
අප වෙතින් පිරිනමන මනෝවිද්‍යා උපදේශන සහ මනෝ ප්‍රතිකාරක සේවා මඟින් ඔබේ ජීවිතයේ මුහුණ දීමට සිදුවන විවිධ මානසික ගැටඵ සාර්ථකව ජය ගැනීමට වෘත්තීයමය මඟපෙන්වීමක් ලබාදෙයි. මෙහිදී පුද්ගලික රහස්‍යභාවය උපරිමයෙන් සුරකිමින්, එක් එක් පුද්ගලයාට ආවේණික වූ අවශ්‍යතා හඳුනාගෙනධනාත්මක චර්යාත්මක රටාවන් වර්ධනය කිරීමට අපි කැපවී සිටිමු.
අපගේ දැක්ම සහ මෙහෙවර
Positive.lk යනු මානසික සුවතාවය උදෙසා කැපවූ ප්‍රමුඛ පෙළේ මනෝවිද්‍යා උපදේශන සහ මනෝ ප්‍රතිකාරක සේවාවකි. අපගේ මූලික අරමුණ වන්නේ, මානසික ගැටලු සහ චිත්තවේගීය බාධක ජය ගැනීමට අපේක්ෂා කරන ඕනෑම අයෙකුට, සුරක්ෂිත සහ රහස්‍යභාවය සුරකින පරිසරයක් තුළ වෘත්තීයමය මඟපෙන්වීමක් ලබා දීමයි.
අපව තෝරාගත යුත්තේ ඇයි?
මනෝවිද්‍යා ක්ෂේත්‍රයේ පළපුරුදු සහ සුදුසුකම් ලත් වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් අප කණ්ඩායම, සෑම පුද්ගලයෙකුටම ආවේණික වූ අවශ්‍යතා හඳුනාගෙන, ඒ සඳහා විද්‍යාත්මකව ඔප්පු කරන ලද චිකිත්සක ක්‍රමවේද භාවිතා කර ඔබව සුවපත් භාවයට පත් කිරීම උපරිමව ක්‍රියාත්මක වේ.
අපගේ ප්‍රතිඥාව
ඔබේ මානසික සුවතාවය වෙනුවෙන් ලබා දෙන සෑම සේවාවක්ම උපරිම ගෞරවයකින් සහ වෘත්තීය වගකීමකින් යුතුව ඉටු කිරීම අපගේ එකම අරමුණයි. යහපත් මානසික සෞඛ්‍යයක් තුළින් වඩාත් සාර්ථක සහ සමබර ජීවිතයක් උරුම කර ගැනීමට ඔබට අවශ්‍ය ශක්තිය සහ මඟපෙන්වීම ලබා දීමට Positive.lk සැමවිටම කැපවී සිටියි.
අපගෙන් ලබා ගත හැකි සේවා…
- මනෝවිද්‍යා උපදේශනය (Psychological Counseling)
- මනෝ ප්‍රතිකාරක සේවා (Psychotherapy Services)
- ළමා මනෝ උපදේශනය සහ ප්‍රතිකාර (Child Counseling and Therapy)
- ආතති කළමනාකරණ පුහුණු වැඩසටහන් (tress Management Training Programs)
- සතිමත්බව තුලින් මානසික සුවතා පුහුණු වැඩසටහන් (Mental Wellness Training Programs Through Mindfulness)
- කුසලතා සංවර්ධන පුහුණු වැඩසටහන් (Skill Development Training Programs)
සම්බන්ධීකරණ තොරතුරු :
