කුසලතා සංවර්ධන සහ ආකල්ප පුහුණු වැඩසටහන් (Skills Development & Soft Skills Training)
වර්තමාන තරඟකාරී සහ කාර්යබහුල ලෝකය තුළ සාර්ථකත්වය කරා යාමට අධ්‍යාපනය පමණක් ප්‍රමාණවත් නොවේ. ජීවිතයේ සහ වෘත්තීය ක්ෂේත්රයේ ඉහළටම යාමට නම් පුද්ගල කුසලතා (Soft Skills) සහ නිවැරදි ආකල්ප වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.
අප විසින් මෙහෙයවන කුසලතා සංවර්ධන වැඩසටහන් නිර්මාණය කර ඇත්තේ දේශන මාලාවන් ලෙස නොව, මනෝවිද්‍යාත්මක පදනමක් සහිත, ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ සායනිකව පිළිගත් ධනාත්මක චර්යාත්මක රාමූන් (Positive Behavioral Frameworks) ඇතුළත් සජීවී අත්දැකීමක් ලෙසිනි. පුද්ගලික, අධ්‍යාපනික මෙන්ම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය පෞරුෂය සහ කුසලතා අප සමඟින් ඔප්නංවා ගන්න අදම අප අමතන්න.
අපගේ ප්‍රධාන පුහුණු ක්ෂේත්‍ර
1. මානසික ඔරොත්තු දීමේ හැකියාව සහ ආතති කළමනාකරණය (Mental Resilience & Stress Management)
- අභියෝග සහ පීඩනකාරී අවස්ථාවලදී නොසැලී සිටීමේ මානසික ශක්තිය වර්ධනය කිරීම.
- රැකියා ස්ථානයේ සහ එදිනෙදා ජීවිතයේ ඇති වන ආතතිය (Stress) සහ කාංසාව (Anxiety) පාලනය කරගැනීමේ ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක උපක්‍රම.
2. සන්නිවේදන කුසලතා සහ අන්තර් පුද්ගල සබඳතා (Effective Communication & Interpersonal Skills)
- අන් අය සමඟ විශ්වාසයෙන් සහ පැහැදිලිව අදහස් හුවමාරු කර ගැනීමේ කලාව.
- පවුල තුළ, සමාජයේ සහ රැකියා ස්ථානයේ සබඳතා ශක්තිමත් කරගැනීම සහ ගැටුම් නිරාකරණය (Conflict Resolution).
3. නායකත්ව කුසලතා සහ කණ්ඩායම් හැඟීම (Leadership & Team Building)
- ආදර්ශමත් නායකත්ව ලක්ෂණ සහ තීරණ ගැනීමේ හැකියාව (Decision Making) දියුණු කිරීම.
- සහයෝගිතාවයෙන් සහ පොදු අරමුණක් වෙනුවෙන් කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ මනෝවිද්‍යාත්මක ප්රවේශයන්.
4. කාල කළමනාකරණය සහ ඉලක්ක ජයගැනීම (Time Management & Goal Setting)
- වැඩ කල්දැමීමේ පුරුද්ද (Procrastination) මඟහැර, දෛනික කාලය ඵලදායීව උපයෝගී කරගැනීම.
- ජීවිතයේ කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක ව්‍යූහගතව සැලසුම් කිරීම සහ ඒවා සාර්ථකව ජයගැනීම.
5. පෞරුෂ වර්ධනය සහ ආත්ම විශ්වාසය (Personality Development & Self-Confidence)
- ධනාත්මක ස්වයං ප්‍රතිරූපයක් (Positive Self-Image) ගොඩනඟා ගැනීම.
- සභකෝලය නැති කරගනිමින්, ඕනෑම පිරිසක් ඉදිරියේ විශ්වාසයෙන් යුතුව තම දක්ෂතා පෙන්වීමේ හැකියාව.
මෙම වැඩසටහන් කා සඳහාද?
- පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන් : අනාගත ලෝකයට ගැළපෙන පරිදි පෞරුෂය සහ නායකත්ව ගුණාංග වර්ධනය කර ගැනීමට
- රැකියා නියුක්තිකයින් සහ වෘත්තිකයන් : වෘත්තීය ජීවිතයේ ඉහළ උසස්වීම් ලබා ගැනීමට සහ කාර්යාලීය පීඩනය කළමනාකරණය කර ගැනීමට.
- ආයතන සහ ව්‍යාපාරික ක්ෂේත්රය (Corporate Sector) : සේවකයින්ගේ ඵලදායීතාවය (Productivity) සහ කණ්ඩායම් හැඟීම ඉහළ නැංවීමට (Customized Corporate Training).
- තම පෞරුෂය වර්ධනය කර ගැනීමට කැමති ඕනෑම අයෙකුට
අපගේ සුවිශේෂීත්වය
- මනෝවිද්‍යාත්මක පදනමකින් සියලුම වැඩසටහන් ක්‍රමවත් සායනික සහ චර්යාත්මක සිද්ධාන්තයන්ට අනුකූලව සකස් කර තිබීම.
- දේශනවලට පමණක් සීමා නොවී භූමිකා රංගන (Role Plays), කණ්ඩායම් සාකච්ඡා සහ ප්‍රායෝගික අභ්‍යාස ඇතුළත් වීම.
- ඕනෑම අයෙකුට තමන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරගැනීමට ලැබෙන සුහදශීලී නිදහස් පරිසරය
- පසු විපරම් සහ මඟපෙන්වීම: පුහුණුවෙන් පසුව වුවද අවශ්‍යතා අනුව අඛණ්ඩව උපදේශන සහ සහාය ලබා දීම.
ඔබේ ආයතනයට හෝ පුද්ගලිකව පුහුණු වැඩසටහනක් වෙන්කරවා ගැනීමට අමතන්න
ඔබේ පාසලට, දහම් පාසලට, විශ්වවිද්‍යාලයට හෝ ව්‍යාපාරික ආයතනයට ගැළපෙන පරිදි සකස් කළ සුවිශේෂී (Tailor-made) පුහුණු වැඩසටහන් අප ලවා මෙහෙයවා ගත හැකිය.
වැඩි විස්තර සදහා අමතන්න
071 800 4444
071 222 4 999

