අසුභවාදී සිතුවිලි වලින් මිදෙන්නේ කොහොමද?

අසුභවාදී සිතුවිලි වලින් මිදෙන්නේ කොහොමද?

අසුභවාදී සිතුවිලි වලින් මිදෙන්න මුලින්ම ඔබ අවංකවම අව‍බෝධ කර ගන්න ඕනි තමන් අසුභවාදී සිතුවිලි දරණ බව.. එවිට තමන් සිතන අසුභවාදී සිතුවිලි මොනවද කියලා තමන්ටම දැනෙන්න පටන් ගන්නවා.. අසුභවාදී සිතුවිලි දරන කෙනාට පුරුද්දට වගේ නිතරම එන්නේ අසුභවාදී සිතුවිලිමයි. ඒ නිසා අසුභවාදී සිතුවිල්ලක් හිතට එන කොටම ඒ පිළිබද ප්‍රතිවාදී සුභවාදී සිතුවිල්ලක් සිතන්න පුරුද්දක් කර ගන්න ඕනි..

අපි හිතමු කෙනෙක් කොච්චර උදේ වැඩට යන්න කලින් ගෙදරින් ගියත් හැමදාම වැඩට පරක්කු වෙලා වැඩට යන්න වෙන්නේ.. ඉතිං පහුවදාත් ගෙදරින් එලියට බහිනකොටම හිතට එන්නේ අදත් බස් පරක්කු වෙලා මග ට්‍රැෆික් එකට අහුවෙලා අදත් වැඩට යන්න පරක්කු වෙයි කියලා..ඒ වගේ අසුභවාදී සිතුවිල්ලක් එන කොටම අපි හිතන්න ඔනි “නෑ නෑ අදනම් පරක්කු වෙන එකක් නෑ. අද වෙලාවට බස් හම්බවෙයි.. තව වෙලාව තියනවානේ අදනම් ඉක්මනින්ම වැඩට යන්න පුලුවන් වෙයි අනිවාර්යෙන්ම”

ඔබ එහෙම සුභවාදීව හිතන්න පුරුදු උනොත් ඔබ සිතු සියල්ල සුභවාදීව සිදුවනු ඇත.

සමාජයේ බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් සිතන්නේ අසුභවාදී ලෙසින්මයි. ඒ නිසා ඔවුන්ට සියල්ල දුක්ඛිත හා අසුභවාදී ලෙස විසදේ. එබැවින් අපි නිතරම කල්පනා කරන්න ඕනි කොහොම හරි මේ අසුභවාදී සිතුවිලි පරාජයට පත් කර ධනාත්මක සිතුවිලි වලින් හිත පුරවා ගන්න් ඕනි කියලා.. ඒක තවත් කල් දාන්නේ නැතිව මේ දැන් ඉදන් ධනාත්මකව සිතන්නට පටන් ගන්න ආරම්භ කරන්න..

ඒකට ‍ගොඩක් උදවු වෙන පහත දැක්වෙන කරුණු ගැන සොයා බලමු.

මිතුරන්..
අසුභවාදී අදහස් තියෙන අය ආශ්‍රය කලාම අපි නොදැනුවත්වම අසුභවාදී අදහස් අපේ සිතටත් කාන්දු වෙනවා.. එකට කොහෙත්ම ඉඩ දෙන්න එපා. සුභවාදී ලෙස කථා කරන, අදහස් ප්‍රකාශ කරන මිතුරන් පමණක් ආශ්‍රය කරන්න පුරුදු වෙන්න.. එතකොට අපේ සිතෙත් තියන අසුභවාදී අදහස් මිතුරන්ගේ ආශ්‍රය නිසා සුභවාදී වෙනවා..

ලිපි හා වෙබ් අඩවි…
හැකි තරම් ධනාත්මක සිතුවිලි වඩවන ලිපි පුවත් කියවන්න පුරුදු වෙන්න.. ඒකට හොද තෝතැන්නක් www.positive.lk වෙබ් අඩවිය.. එය ඔබව නිරන්තරයෙන් ධනාත්මක චින්තනයට නැඹුරු කරනවා.. ඔබගේ ධනාත්මක චින්තනයට අදාල ගැටඵ අප වෙත ‍යොමු කරන්න.. 

අපි ඔබට උදවු කිරිමට සුදානම්…

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now