මනසේ ශක්තියෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නේ මෙහෙමයි..

මනසේ ශක්තියෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්නේ මෙහෙමයි..

අප ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වැඩි වීමට ආහාර මෙන්ම අපගේ සිතුවිලිද ප්‍රභලව බලපායි. ඒ නිසා අප සිටිනා මානසික තත්ත්වය එනම් සතුට, දුක , මානසික පීඩනය ආදි විවිධ තත්ත්ව වලදී ශරීරයේ ප්‍රතිශක්තියද වෙනස් වේ. එබැවින් මේ පිළිබද නිරත්තර ‍අවබෝධයෙන් සිටීම වැදගත්ය.

අප භයෙන්, මානසික පීඩනයෙන්, දුකින් සිටින් අවස්ථා වලදී අපගේ ශරීරයේ ප්‍රතිශක්තිය එනම් රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය හීන වේ. එවැනි අවස්ථාවකදී බාහිරින් අප ශරීරය වෙත එන වෛරස වැනි විෂබීජ ශරීරයට රිසි සේ ඇතුල්වී අප‍‍ට අසනීප තත්ත්ව ඇති කරයි. එබැවින් හැකි සෑම විමට හිත ශක්තිමත්ව පවත්වා ගත යුතුය. ඒ සදහා මහගු ඔසුවක් වන්නේ ධනාත්මක චින්තනය වර්ධනය කර ගැනීමයි.

ධනාත්මක චින්තනය තුලින් අප තුල සතුට සැනසීම වර්ධනය වේ. එවිට අපගේ ප්‍රතිශක්තියට හානි කරන දුක, මානසික පීඩනය වැනි සිතුවිලි දාම අප තුල ඇතිවීම ඉතාම අවම වේ. ‍

ඕනෑම රෝගයක් අප තුලට ඇතුල්වන්නේ හෝ ඇතිවන්නේ අපගේ ශරීරයේ දුර්වල වු අවස්ථාවලදීය. එබැවින් සිත ශක්තිමත්ව පවත්වා ගන්නේ නම් අප වෙත රෝග සෑදීමේ අවධානම අවම වේ. අප සිත රෝග වලට ඔරොත්තු දෙන ලෙස ශක්තිමත් කිරීම සදහා නිතරම “මා නිරෝගීයි. මා තුල රෝගවලට ඔරොත්තු දීමේ ප්‍රභල ප්‍රතිශක්තියක් ඇත.” යනුවෙන් අවංකවම දැඩි විශ්වාසයකින් මෙනෙහි කරන්න. විශේෂයෙන් රාත්‍රියට නින්දට යාමට පෙර ඉහත සිතුවිල්ල සැහැල්ලු සිතින් මෙනෙහි කරන්න. (සිත බියට, කලබලයට පත්වු හෝ මානසික පීඩනයට පත් වු අවස්ථා වලදී මෙම මෙනෙහි කිරීම එතරම් ප්‍රතිඵලදාක නොවන බව සලකන්න.) සිත සැහැල්ලු කිරීමට මෛත්‍රී භාවනාව වඩන්න.

ඉහත කරුණු සිදු කරන අතරතුර ‍රජය හා ‍සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අනිවාර්යෙන්ම පිලිපදින්න.

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now