හොඳ යාලුවන් සොයා ගන්නේ කෙසේද?

හොඳ යාලුවන් සොයා ගන්නේ කෙසේද?

අපි කවුරුත් කැමතියි අපිට යාලුවෝ ගොඩාක් ඉන්නවට.. එත් කොච්චර යාඵවෝ හිටියත් හොඳ යාඵවෝ හොයා ගන්න එක ලේසි නෑ. මොකද ගොඩක් දෙනෙක් අප ලග ඉන්නේ අපෙන් යම් වාසියක් ප්‍රයෝජනයක් ලැබෙන නිසා..ඒක සමාජයේ හැටි..

අපිට සල්ලි නැතිවෙන කොට, සමාජ තත්ත්වය අඩුවෙන කොට, රැකියාවෙන් ඉවත්වෙන කොට, අපෙන් බොහෝ යාලුවෝ ඉවතට යනවා.. ඒ නිසා නිතරම හොඳ යාඵවෝ කවුද කියලා අවබෝධයෙන් ඉන්න ඕනි. නැත්නම් අපි විශ්වාස කරන යාඵවෝ ගැන පසුව කලකිරෙනවා.. ඒ විතරක් නොවේ ගොඩක් දුක හිතෙනවා..

හොඳ යාඵවෝ හොයා ගන්න එක හරිම අමාරුයි..ඒත්..

අපි අනිත් අයට හොද යාඵවෙක් වෙන්න පුලුවන් නම් ඒ අයත් බොහෝ විට අපිට හොද යාඵවෙක් වෙයි. හැබැයි හැම විටම හැම දෙනාම එසේ නෙමේ.. අප ආශ්‍රය කරන අය ගැන නිතරම විමසිල්ලෙන් අවබෝධයෙන් ඉන්නවා නම් අපිට හොද යාඵවෝ කවුද කියලා හොයා ගන්න එක අපහසු නෑ.

හොඳ යාඵවෝ හොයන එක කිසි විටකත් නවත්වන්න හොද නෑ.. පුලුවන් හැම වෙලේම අලුත් යාඵවෙක් අදුනා ගන්න උත්සහ ගන්න ඕනි. හැබැයි පරිස්සමින්.. හොද යාඵවෝ වගේ නරක යාඵවොත් ගොඩක් ඉන්නවා..

ඔබට පුලුවන් නම් හොදට හිනා වෙලා සුහදශීලීව කථා කරන්න ඒකත් යාඵවෝ අදුනා ගන්න හොද ක්‍රමයක්..

ඉන්‍ටර්නෙට් එකත් හොද තැනක් යාඵවෝ අදුනා ගන්න.. හැබැයි බො‍හොම පරිස්සමින්.. මොකද ඉන්ටර්නෙට් ‍එකේ බොරුවට හොද යාඵවෝ වගේ කථා කර අය වැහි වැහැලා..

“අමතං දදොච සො හෝති-යෝ ධම්ම මනුසායති”
(යමෙක් ගුණ දහමින් නිරතුරු ඔවදන් දෙයි නම්, හෙතෙමේ අමාසුව සලසා දෙන කළණ මිතුරා නම්‍ වෙයි)

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now