අප නිතරම සිතන දේ සිදුවන බව ඔබ දන්නවාද?

අප නිතරම සිතන දේ සිදුවන බව ඔබ දන්නවාද?

අප මිනිස් සිතට ඇති බලය අසීමිතයි.. එය නිවැරදිව භාවිතා කලොත් ලැබෙන ප්‍රයෝජනද අසීමිතයි.. එහෙත් බොහෝ දෙනෙක් මන‍සේ ඇති බලය පිළිබද ඇති නොදැනුවත් කම නිසා සාර්ථකත්වයට ලගා වීමට එය භාවිතා නොකරයි.

අපි නිතරම හිතන දේ අප වෙත ලගා කරවීමට තරම් සිත ප්‍රභලයි.. එහෙත් සමාජයේ බොහෝ දෙනෙක් නොදැනුවත්වම එම බලය වැරදි ලෙස භාවිතා කිරීම නිසා සාර්ථකත්වයට පත් වීම සිදු වන්නේ නෑ. එසේ වන්නේ අප නිතරම අසුභවාදී දේ හිතන්නට පුරුදු වෙලා ඉන්න නිසා අපට සිදු වන්නේ ද දුක් සහිත අසුභවාදී දේමයි..

ඒ නිසා අප නිතරම යමක් සිතන්නේ නම් පරිස්සම් විය යුතුයි. ඔබ සිතන දේ ධනාත්මක දෙයක් වුවහොත් ගැටඵවක් නෑ. ඒත් ඔබ සිතන දේ අසුභවාදී දෙයක් නම් ඔබ වෙත සිදු වන්නේද අසුභවාදි දේවල් මයි.

ඒ නිසා අප නිතරම සුභවාදීව සිතීමට පෙළඹිය යුතුය. එවිට ඔබ වටා ප්‍රීතිමත් ලෝකයක් ගොඩ නැගෙනු ඇත.

ඔබට හොද රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය නම් “මට හොද රස්සාවක් ලැබෙයිද දන්නේ නෑ.. දැන් හැම එකටම දේශපාලනේ ගැවිලානේ.. අපිට උදවු කරන්න කවුරුත් නෑනේ..” ආදි වශයෙන් සිතුවොත් ඔබගේ රැකියා සිහිනය සිහිනයක්ම වනු ඇත. නමුත් ඔබ “මට හොදම රැකියාවක් ලැබෙයි.. මට සුදුසුකම් තියන නිසා අනිවාර්යෙන් මට හොද රැකියාවක් ලැබෙනවා… මට ෂුවර්.. ” ආදි ලෙස ධනාත්මකව සිතුවොත් ඔබගේ රැකියා සිහිනය ඉක්මනින්ම සැබෑවෙනු ඇත.

ඔබ යම් කරුණක් පිළිබද සිතීමේ හා විශ්වාස කිරීමේ ප්‍රභලතාව මත ඒ කරුණු සඵල වීම රදාපවතී. ඒබැවින් ඔබ නිරන්තරයෙන් ධනාත්මකව සිතන්නට සිත හුරු කර ගත ‍හොත් ඔබට ජීවිතය ජය ගැනීම පහසුවෙන් සිදු කල හැකි වනු ඒකාන්තය..

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now