අලුත් අවුරුද්ද ලබන දවස සාර්ථක ජීවිතයක් පටන් ගන්න හොදම දවසක්..

අලුත් අවුරුද්ද ලබන දවස සාර්ථක ජීවිතයක් පටන් ගන්න හොදම දවසක්..

සාර්ථක ප්‍රීතිමත් ජීවිතයක් ලැබීම අප සැම දෙනෙකුට ඉතා වටිනා භාග්‍යකි. එවැනි භාග්‍යක් අප වෙත නොලැබීමට ප්‍රධානම හේතුව වන්නේ අපමයි. අප සිතන විදියයි. ඒ නිසා අප සිතන විදින වෙනස්කර සාර්ථක ජීවිතයක් පටන් ගන්න අලුත් අවුරුද්ද ලබන දවස හොදම දවසකි. නව වසරේ ආරම්භයත් එක්ක අපිටත් සාර්ථත ප්‍රීතිමත් අලුත් ජීවිතයක්..

නව වසර ආරම්භයත් එක්ක අලුතින් සිතන්න පුරුදු වෙන්න.. පසුගිය වසර ගැන කල්පනාකර සිදුවු අඩුපාඩු අදුනා ගන්න බලන්න.. මේ ව‍සරේ ඉදන් සැම දෙයක් ගැනම ධනාත්මකව සිතන්න පුරුදු වෙන්න.. ඔබ ධනාත්මක සිතන්න සිතන්න ජීවිතය ධනාත්මකව වෙනස් වෙනවා ඔබට අත් විදින්න ලැබෙයි..

ඔබතේ සිතේ ඇති වෛරී,ඉරිසියා, පිලිගැනීම් චේතනා සහමුලින් ඉවත් කරන්න උත්සහ ගන්න .. එවිට ඔබට හිතට පුදුමාකර නිදහසක් හා සහනයක් ලැබෙනු ඇත. ඒ තුලින් ඔබ‍ට ලැබෙන ශක්තියෙන්, ජිවිතය ගැන ධනාත්මකව හිතන්න.. “අදින් ආරම්භ වන මේ නව වස‍රේ සිට මට සියල්ලම හොදින් සාර්ථකවම සිදු වෙනවා.. මගේ ජීවිතය දිනෙන් දින සාර්ථක හා ප්‍රීතිමත් එකක් වෙනවා…” යනුවෙන් අවංකව නිරන්තරයෙන් සිතන්න පුරුදු වෙන්න.. උදේ ඇදෙන් අවදිවන අවස්ථාවෙත් රාත්‍රියේ නින්දට යන අවස්ථාවෙදීත් මෙය හොදට හිතට අරන් හිතන්න පුරුදු වෙන්න..  

ජීවිතයට අරමුණක් තබා ගන්න..‌හැබැයි ඒ අරමුණ ගැන කිසිවෙකුටවත් නොකියන්න.. ඔබ ඒ අරමුණට යන්න අවශ්‍ය පියවර ඔබම සැලසුම් කරන්න.. ඒ සැලසුම් කල පියවරයන්ගේ පළමු පියවර මේ නව වසරේ තබන්න.. ස්ථිර අධිෂ්ධානයක් හා ස්ථීර විශ්වාසයකින් ඔබ ක්‍රියා කලහොත් ඔබ පුදුමට පත් කරමින් ඔබගේ අරමුණ ඉක්මනින්ම  හා ඒකාන්තයෙන්ම ඉටුවනු ඇත. ඔබට එම අරමුණ වෙත යාමට හැකියැයි ඔබ තබන අවංක විශ්වාසයේ තරම වැඩි වන විට ඔබගේ අරමුණ ඉටුවීමට යන කාලය අඩු වනු ඇත.

වර්ථමාන ලෝකයේ සාර්ථක වු සෑම පුද්ගලයෙකුම පසුපසම ඇති එකම රහස වන්නේ “මට අනිවාර්යෙන් මේ දේ කරන්න පුලුවන්” යැයි අවංකව සිතා ක්‍රියා කිරීමය. එබැවින් ඔබටත් සාර්ථක වන්න අවශ්‍ය නම් ඉහත පැහැදිලි කල අයුරින් ඔබත් උත්සහ කර බලන්න.. එය අනිවාර්යෙන් සාර්ථක වනු ඇත.

මේ සම්බන්ධව ඔබගේ ගැටඵ අපවෙත මෙතැනින් යොමු කරන්න.. අප ඔබට ජීවිතය සාර්ථක කරන ගැනීම සහාය දීමට සුදානමින් සිටිමු.

Call Now