ආතතියෙන් මිදෙන්නේ කෙසේද

ආතතියෙන් මිදෙන්නේ කෙසේද?

අද ලෝකයේ බොහෝ දෙනෙක් ආතතිය නිසා පීඩා විදීයි. මේ නිසා අද සමාජයේ හෘදයාබාධ, දියවැඩියාව, පිළිකා වැනි රෝග බහුල වී ඇත. එසේම සමාජයේ ජීවත් වන බො‍හෝ දෙනෙක් ආතතිය නිසා ජීවිතයේ සැහැල්ලුව සතුට දුරස් කර ගෙන ඇත.

ආතතිය ඇති කරන දෙයින් ඈත් වන්න..

වර්ථමානයේ සමාජජාලා මගින් අප නොදැනුවත්වම ආතතිය ඇති කරන බව සොයාගෙන ඇත. ලෝකයේ වැඩිම ආතතිය ඇති කර සමාජජාලය වන්නේ instagram වන අතර දෙවනුව Facebook වේ. එබැවින් හැකි තරම් සමාජජාල වලින් ඉවත් වීම හෝ භාවිතය සීමා කිරීම සිදු කල යුතුය. එවිට අප නොදැනුවත්වම හෝ ආතතියට ලක් වීමෙන් වලක්වා ගත හැකිය. තවද අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කර ගැනීම තුලින්ද බොහෝ දෙනෙක් ආතතියට ලක් වේ. සේවය කරන ආයතනයේ, අසල්වාසීන්ගේ හෝ දේශපාලන පක්ෂ වල ගැටඵ තමන්ගේ කර ගැනීමට යාම තුලින් නිකරුනේ ආතතියට ලක් වේ. එසේම හිත රිද්දන දේවල් කියන, ‍අසුභවාදී දේවල් කථාකරන යාලුවන්ගෙන් ඈත්වීමටද ආතතියෙන් ඈත්වීමට මගකි.

ඔබගේ ගැටඵ මනෝවිද්‍යා උප‍දේශකවරයෙකුට හෝ හිතවත්ම මිතුරෙකුට කියන්න.. මෙහිදී ප්‍රශ්නයක් කීමට සුදුසු විශ්වාස මිතුරෙක් ‍තෝරා ගත යුතුය. නැතහොත් ආතතිය තවත් වැඩිවීමට ඒකම හේතුවක් විය හැකියි. හිතේ ප්‍රශ්න දරාගෙන ඉන්න එපා එය සුදුසු කෙනෙකුට කියලා අනිවාර්යෙන් හිත සැහැල්ලු කර ගන්න.. හොද යාඵවන් ගොඩක් හදා ගන්න..ඔවුන් සමග සිනාසෙන්න.. සතුටින් කථා කරන්න..

ව්‍යායාම කිරීම හෝ ගොඩක් දහඩිය පිටකරන ක්‍රියාවක නිරත වන්න.. එය ඔබගේ ආතතිය විශාල වශයෙන් අඩු කිරීමට ‍හේතු වනු ඇත.

සෑම දිනයක ස්නානය කිරීම මගින්ද සිතේ ඇතිවන ආතතිය දුරුකර ගැනීමට හැකිය. ඔබ හැකි නම් සතියකට වරක් පිහිනීම වැනි ක්‍රියාවක නිරත වන්න.

ඔබ අදහන ආගම අවංකව අදහන්න.. දිනපතා බුදුන් වැදීම, දෙවියන් වැදීම හෝ ගාථා, මන්ත්‍ර, සෝත්‍ර ශ්‍රවණය හෝ ගායනය කිරීමද ආතතිය අඩු කිරීම හොද මගකි. සතියේ එක් දිනක් වත් පන්සලකට, පල්ලියකට, කෝවිලකට (ඔබ අදහන ආගම අනුව) ගොස් එහි පැයක් වත් ගත කිරීම තුලින් සිත සැහැල්ලු කර ගෙන ආතතිය අඩුකර ගත හැකිය.

මාස කීපයකට වරක් වත් කදු නැගීම, විනෝද ගමන් යාම, වන්දනා ගමන් යාම වැනි දේවල් සිදුකිරීම තුලින්ද ආතතතිය දුරස්කර ගත හැක.

සංගීතයටද ආතතිය පලවා හැරීමට හොද ඔසුවකි. හොද ගිත ශ්‍රවණය, සංගීත වාදන ශ්‍රවණය කිරීම දවසේ හැකි සෑම අවස්ථාවකදීම සිදු කරන්න..

රාජකාරී වේලාව තුල ඔබ ආතතියට ලක් වන්නේ කරන්නට ‍තිබෙන වැඩ කන්දරාව නිසා නම් ඒ වැඩ සියල්ලම එකට ගෙන කල්පනා කරන්න එපා. කොච්චර වැඩ තිබුනත් අපිට එක වෙලාවේ කරන්න පුලුවන් එක් වැඩක් පමණක් නිසා කොච්චර වැඩ කන්දරාවක් තිබුනත් එවා කොටස් වලට කඩාගෙන ඒවා එකින් එක ඉවර කරන්න. කරන්නට තිබෙන දේ ගැන නොසිතා, ඉවර කල වැඩ ගැන සතුටු වන්න..

ඔබට කෙනෙකුට උපකාර කිරීම, දානයක් දීම වැනි දෑ කිරීමත් ආතතියෙන් මිදීම බොහෝ උපකාරීවේ. හිගන්නෙකුට යමක් දෙන්න, පුජ්‍ය පක්ෂයේ අයට යමක් පරිත්‍යාග කරන්න.. නැතිබැරි අයෙකුට හැකි පමණ උදවු උපකාර කරන්න. ඒ කල දේවල් ගැන සතුටින් තෘප්තිමත්ව සිහිපත් කරන්න.

ආතතියෙන් මිදීමට තවත් උපකාර අවශ්‍ය නම් අපට ලියන්න… අපි ඔබට සහය වීමට සුදානම්…

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now