ඔබගේ සිහින සැබෑ කරගන්නේ කෙසේද?

ඔබගේ සිහින සැබෑ කරගන්නේ කෙසේද?

වර්ථමාන සමාජයේ සුපිරි හා සාර්ථක ජීවිත ගෙවන බොහෝ දෙනෙක් සිටී. ඔවුන් ඒ තත්ත්වයට පත් වුයේ කෙසේද? ඒ සියල්ලන්ගෙම සාර්ථකත්වයට හේතු වී ඇත්තේ වාසනාවද?

නැත.. වාසනාව යනු අප විසින් ඇති කර ගනු ලබන දෙයක් මිස නිකම්ම ලැබෙන දෙයක් නෙවේ..

ඔබත් සාර්ථක ජීවිතයක් ලබා ගැනීමට කැමති නම් හොද අවධානයෙන් මෙම ලිපිය කියවන්න..

ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යෙන් ඉලක්කයක් / සිහිනයක් ඔබ සතුව තිබිය යුතුය.

නිවැරදි ඉලක්කය/ සිහිනය තෝරාගන්නේ ‌කෙසේද?

ඒ සදහා මුලින්ම ඔබ සතුව ඇති විශේෂ හැකියාවන් ගැන හොද අවබෝධයක් ලබා ගන්න..

මුලදි “මට කිසිම විශේෂ හැකියාවක් නැනේ” කියලා හිතෙයි.. එහෙත් පරිස්සමින් හෙමින් කල්පනා කලොත් ඔබ සතු දක්ෂතා/ හැකියාවන් ඔබ අවබෝධ වනු ඇත.  එහෙත් ඔබට ඒ පිළිබද අදහසක් හෝ අවබෝධයක් ලබා ගත නොහැකි වුවහොත්,  ඔබ සොයා ගන්න ඔබ කරන්න කැමතිම දේවල් මොනවාද කියලා..  අනිවාර්යෙන් ඒ තුල ඔබගේ දක්ෂතාව/ හැකියාව සැගවී තිබීමට පුලුවන..

එසේ නිවැරදි සිහිනය /ඉලක්කය තෝරා ගත් පසුව ඒ වෙත පිය මනින්න ආරම්භ කරන්න..

ඒ සදහා මුලින්ම අවංකව විශ්වාස කරන්න ඔබට ඒ වෙත ලගා විය හැකියි කියා..

ඒ ගැන තදින් විශ්වාසක් ඇති කරගෙන වැඩ ආරම්භ කරන්න..

සිහිනය /ඉලක්කය වෙත යෑමට අවශ්‍ය දැණුම හා පුහුණුව කඩිනමින් ලබා ගන්න..

හොද සැලස්මක් සකස් කර‌ ගන්න..

එහි පියවරයන් ගැන හොදට අධ්‍යනය කරන්න..

ඒ පියවරයන් සදහා ඉලක්ක කාල වකවානු සකස් කර ගන්න..

ඔබගේ ව්‍යාපාරය හැකි තරම් පොඩියට ආරම්භ කරමින් සිහිනය /ඉලක්කය වෙනුවෙන් වැඩ කරන්න.

ඔබට, ඔබගේ ගමන ගැන අවංකව විශ්වාස නම් බාහිර සමාජයෙන් ඔබ වෙත ලැබෙන සෘණාත්මක බාධා නොසලකා ගෙන දිගටම වැඩ කරගෙන යන්න.. ඔබ පොඩියට හෝ ලබන ජයග්‍රහණ ගැන උදම් නොවී ස්තුති වන්තව සතුටු වෙන්න.. උද්යෝගය වැඩි කර ගනිමින් වැඩ කරන්න..

ඔබ ගැන විශ්වාස කරන්න.. බාධක ගැටඵ එන සෑම විටම, ඔබට සාර්ථක වෙන්න පුලුවන් කියා තදින් හිතට ශක්තිය ලබා ගන්න.. සැලසුම් සහගතව හා අධිෂ්ඨාණශීලිව වැඩ කලොත් අනිවාර්යෙන් ඔබට ඔබගේ සිහිනය /ඉලක්කය වෙත ඉක්මනින්ම ලගා විය හැකිය..

ඔබගේ සිහිනය /ඉලක්කය වෙත ලගා වීමේ කාලය තීරණ වන්නේ,  ඔබ තුල ඒ ගැන ඇති විශ්වාසයේ ප්‍රමාණය හා කැපවීමේ ප්‍රමාණය මත බව තරයේ මතක තබා ගන්න

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now