ඔබත් අනුන්ට වෛර කරන ඉරිසියා කරන කෙනෙක්ද?

ඔබත් අනුන්ට වෛර කරන ඉරිසියා කරන කෙනෙක්ද?

අප සමාජයේ බොහෝ දෙනෙක් වෛරය ඉරිසියාව හිතේ දරාගෙන ඉන්නවා..ඒ නිසා ඔවුන් ගොඩක් දුක් විදිනවා.. සමහර විට ඔබටත් නොදැනුවත්වම වෛරය ඉරිසියාව හිතට කරදර කරනවාද දන්නේ නෑ.. ඒ නිසා නිකරුනේ දුක් විදිනවා වෙන්නත් පුලුවන්.. ගොඩක් දෙනෙකුට තියෙන ගැටඵ තමයි තමන් අනුන්ට වෛර කරන ඉරිසියා කරන කෙනෙක් කියලා තමන් නොදන්න එක. එහෙම අයට ඒකෙන් මිදෙන්න අමාරුයි.. ජීවිත කාලේම ගොඩක් විහින් දුක් විදිනවා.. නමුත් ඔබට දැනටමත් ඒබව දැනිලා තියනවා නම් ඔබ වාසනාවන්තයි.. මොකද ඒ නරක සිතුවිලි ඉවත් කර ගන්න උත්සහයක් ඔබට දැන් පටන් ගන්න පුලුවන් නිසා..

ඔබ කා‍ට හරි වෛර කරනවා කියන්නේ “ඔබ වහ කුප්පියක් බීලා අනිත් කෙනා මැරෙනකම් බලා ඉන්නවා” වගේ වැඩක්.. ඔබ කාට‍හරි වෛර කරනවා නම් එයින් පිට කාටවත් හානියක් නෑ.. වැඩිම හානිය සිදුවන්නේ ඔබටමයි කියලා ඔබ දන්නවාද? එමගින් ඔබට සතුටින් ඉන්න තියන කාලය නිකම්ම නාස්ති කරගන්නවා.. ඒ වගේම දියවැඩියාව, අධිරුධිර පීඩනය, පිළිකා වැනි රෝග වල ලක්වීමේ සම්භාවිතාව ඉතාම ඉහල යනවා.. අපි වෛර කරන කොට වැඩිපුරම හොයන්නේ අනුන්ගේ දේවල්.. අපි ගැන හොයන්න බලන්න වෙලාවක් නැති නිසාම අපේ දියුණුව නැත්තටම නැති වෙනවා..

මේ ලොකේ කිසිම කෙනෙක් වෛර කරලා ඉරිසියා කරලා ලබා ගත් දෙයක් නෑ.. වෛර කරන්න ඉරිසියා කරන්න පටන් ගත්තාම අපේ ශරීරයේ ඇති ශක්තීන් විනාශ වෙනවා..විශේෂයෙන් අපේ ශරීරයේ ඇති ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වෙනවා.. අපි ඉක්මනින් ලෙඩ වෙනවා..

ඔබ හොදට බලන්න ඒ විදියට වෛර කරන ඉරිසියා කරන අයගේ මුහුණු දිහා.. ඔවුන්ගේ මුහුණු නිතරම තරහින් තිබිලාම කැත වෙලා විකෘති වෙලා පවතිනවා.. සමාජයේ බොහෝ දෙනෙක් ඔවුන්ව පිළිකුල් කරනවා දකින්න පුලුවන්..

විවිධ කාරණා නිසා අපේ හිතට ඉරිසියා සහගත සිතුවිලි එන්න පුලුවන්..නමුත් අපි දැන ගන්න ඕනි ඒවා පාලනය කරන්න.. නැත්තම් ඒ ඉරිසියා සිතුවිලි හිතේ තියාගෙන හිටියොත් අපිටමයි කරදර වෙන්නේ.. අපි කල්පනා කරන්න ඕනේ ඇයි අපි ඉරිසියා සිතුවිලි තියාගෙන දුක් විදින්නේ කියලා..

වෛරී හා ඉරිසියා සිතුවිලි ඇතිවීම අඩු කිරීම සදහා තියන හොදම බෙහෙත තමයි මෛත්‍රී භාවනාව.. ඔබට උදේ නැගිටින කොටයි රාත්‍රී නින්දට යන්න සුදානම් වෙන කොටයි මෛත්‍රී භාවනාව කරන්න පුලුවන් නම් සති කීපයක් ඇතුලත හිතට තරහා ඉරිසියා හැගීම් එනඑක අඩු කරන්න පුලුවන්… ඒවගේම හිතට ඉරිසියා සිතුවිලි ආපුවම වෙන හානිය ගැන හරියට දැනුවත් උනාම වුනාම අපි ඉක්මනින් ඉරිසියා සිතුවිලි අඩු කරගන්න පෙළබෙනවා..

තවත් වැදගත් දෙයක් අපි පුරුදු වෙන්න ඕනි වෛරී හා ඉරිසියා සහගත දේවල් අපේ සිත් වලට ඇතුලුවීමට ඇති ඉඩ ප්‍රස්ථා අඩු කිරීමට‍.. ඔබ වැඩිපුර සමාජ මාධ්‍ය වලට විශේෂයෙන් Facebook හා Instagram වැනි සේවා සමගින් සම්බන්ධ වෙනවා නම් ඔබට වෛරී හා ඉරිසියා සහගත සිතුවිලි ඇතිවීමට ඇති ඉඩ ගොඩක් වැඩියි. ඒ නිසා ඔබේ හිතේ සහනය සදහා ඒවායින් ඈත් වෙන්න පුලුවන් නම් වඩා හොදයි.. ඔබ දන්නවාද Facebook නිතරම භාවිතා කර දැන් එයින් සම්පුර්ණයෙන්ම ඉවත්වු අය කියන කථාව ” Facebook වලින් අයින් වුන නිසා හිත සැහැල්ලුයි නිදහස්.. අතින් වියදම් කරගෙන අනුන්ගේ කුණු නිසා නිකරුනේ හිතින් කරදර කරගත්ත මෝඩ වැඩ කල කාලේ ඉවරයි..”

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now