ඔබත් නිතරම අසුභවාදී සිතුවිලි නිසා දුකින්ද?

ඔබත් නිතරම අසුභවාදී සිතුවිලි නිසා දුකින්ද?

අද සමා‍ජයේ ගොඩක් දෙනෙකුගේ ජීවිත තෘප්තිමත් නෑ.. ඒ වගේම හිතේ පීඩ‍නයෙන් හා කලකිරීමෙන් සිත් වේදනාවෙන් ජීවත් වෙන්නේ.. මේ ‍තත්ත්වයට අසුභවාදී චින්තනය ගොඩක් දුරට බලපානවා..

ඔබ අසුභවාදීව යමක් ගැන සිතන්නේ නම් එවිට හැමදේම සිද්ධ වෙන්නේ අසුභවාදීවමයි.. නරකටමයි..

ඔබ අසා ඇති සමහර අය කියනවා “අනේ මටමමනේ මේ වෙන්නේ…!” , “අපි ඉතිං පොල් ගහක නැග්ගත් දෙබලක්..”, “මට නම් කරදර එකක් නැති වෙන කොට එකක් එනවා මේක මගේ කරුමේ..”, “අපේ බොස්ට ඕනි එකකට මගේ වැරදිමයි පේන්නේ. මට දැන් මේක එපා වෙලා තියෙන්නේ…” ඉතිං මේ විදියට කවුරු හරි කියනවා නම් ඔහු හෝ ඇය දැඩි අසුභවාදී සිතුවිලි ගොඩකින් පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක්.. එහෙම කෙනෙකුට වෙන්නෙම කරදර හා අසුභවාදී දේවල්ම තමයි..

හොදට මතක තියා ගන්න අප වචන වලින් කියන දේවල් තමයි ක්‍රියාත්මක වෙන්නේ.. ‍

අපි අසුභවාදී සිතුවිලි හිතන්න හිතන්න ඒවා වචන වලට පෙරලෙනවා.. ඊට පස්සේ ඒ වචන ක්‍රියා බවට පත් වෙනවා.. අද සමාජයේ සිත් පීඩා වලට පත් වී සිටින අයගේ වැඩි දෙනෙක් සිත තැවුලෙන් ඉන්නේ තමන් විසින්ම හදාගත් අසුභවාදි චින්තනය නිසයි. නිකමටවත් අසුභවාදී සිතුවිලි හිත්නවත් එපා.. එතකොට අසුභවාදී දේවල් ඔබට නිරන්තරයෙන් සමීප වෙනවා.. අපගේ සිතුවිලි කොතරම් ප්‍රභලද කියනවා නම් සමහර පුද්ගලයින්ගේ දැඩි අසුභවාදී සිතුවිලි නිසා දැවැන්ත යන්ත්‍ර සූත්‍ර පවා අක්‍රිය වුන අවස්ථා තිබෙනවා.. තවත් සමහර විද්‍යුත් උපකරණ කිසිම හේතුවක් නැතිව නිවැරදිව ක්‍රියා නොකරපු අවස්ථා තිබෙනවා..

ඒක නිසා ඔබට අසුභවාදී සිතුවිලි එන හැම මොහොතකදීම ඊට විරුද්ධ සුභවාදී ධනාත්මක සිතුවිල්ලක් සිතන්නට පුරුදු වෙන්න.. මුලින්ම කරන එක ටිකක් අමාරුයි.. ඒත් අමාරුවෙන් හරි සති 2-3ක් කරන කොට ඉබේම අසුභවාදී සිතුවිලි ඔබෙන් ඈතට යනවා.. ධනාත්මක සිතුවිලි ඔබ සමගින් රැදෙනවා.. එවිට සිදුවන සියල්ල හොදින් හා සුභවාදීව සිදු වෙනවා ඔබට ඉක්මනින්ම අත්දකින්න පුලුවන් වෙයි..

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now