ඔබත් වැඩ කල්දාන කෙනෙක්ද?

ඔබත් වැඩ කල්දාන කෙනෙක්ද?

වැඩ කල් දැමීමේ පුරුද්ද නිසා ජීවිතය සාර්ථකත්වයට පත් වීම පමා කරයි. රැකියාවේ උසස් වීම් ලැබීම, අධ්‍යාපනික ජයග්‍රහණ වැනි ජීවිතයේ බොහෝ දේ අහිමි කරයි. එබැවින් ඔබත් වැඩ කල්දාන කෙනෙක් නම් දැන්ම ඒ පුරුද්ද ජීවිතයෙන් ඉවත් කර දැමීමට අදිටන් කර ගන්න. මේ සදහා පහත අදහස් ඔබට ගොඩක් වැදගත් වනු ඇත.

මුලින්ම ඔබ වැඩකල්දාන පුද්ගලයෙක් නම් ඒ බව ඔබම අව‍බෝධ කර ගතයුතුය. දැන් “වැඩ කල් දාන පුරුද්ද කොහොම හරි මගේ ජීවිතයෙන් ඉවත් කරගන්නවා” යනුවෙන් ස්ථීර අධිෂ්ඨානයක් ඇති කරගන්න. දැන් ඔබට වැඩ කල්දාන්න සිතෙන හැම වීටම ” නෑ මම වැඩ කල් දාන්නේ නෑ. දැන්ම ඒ වැඩ ඉවර කරලා දානවා” යනුවෙන් සිතන්න. එම වැඩ ඉවර කිරීමෙන් ලැබෙන සහනය සතුට ගැන සිතන්න. “වැඩ තවම ඉවර නෑ තව කරන්න තියනවා කියන සිතේ බර පීඩනයට ඇයි තියාගෙන ඉන්නේ.. ” යනුවෙන් හිතන්න.ඔබට කිරීමට ඇති කාර්යයන් අභියෝග ලෙස ගෙන දැන්ම අවසන් කිරීමට සිතට ගන්න.

ඔබේ ප්‍රමුඛතා කාර්යයන් පිළිබද ලැයිස්තුවක් සකස් කර ගෙන ඒ අනුව වැඩ අවසන් කරන්න උත්සහ ගන්න. කාල රාමුවක් සකසන්න. එය සැලසුම් කිරීම සහ කාර්යය ආරම්භ කිරීම පමණක්ම නොවේ. අදාළ කාර්යයන් මොනවාද, එය කොතරම් දුෂ්කරද, කොපමණ කාලයක් ගතවේද වැනි ප්‍රශ්න අප අපෙන්ම අසාගත යුතුය. කිසිවක් අතපසු නොකිරීමට හා පරමාර්ථය නිරවද්‍යතාවයෙන් යුතුව විසඳා ගැනීම සඳහා එක් එක් කාර්යය කුඩා කාර්යයන් වලට බෙදා වෙන් කිරීම වැදගත්ය.

යමක් කිරීමට කල් දමන්නේ අසමත් වීමට ඇති බිය නිසා නම් ඉක්මනින් අසමත් වීමට ඇති බිය ඉවත් කරන්න. මන්ද අසමත් වීම අපට නිර්මාණාත්මක විසඳුම් සොයා ගැනීම ඉඩ සලසා දෙන අතර ඒවා වඩා හොඳ වීමට අපට මග සලසයි. ඔබට යම් කාර්යයක් ගැන සෑහීමකට පත් නොවන්නේ නම් හෝ එය ඔබව සතුටට පත් නොකරන්නේ නම් හැකිනම් එය අතහැර දැමීම සුදුසුවේ. ඔබ කරන කාර්යය මහත් බරක් ලෙස නොගෙන විනෝදයක් කරගන්න උත්සහ ගන්න.

ඔබේ ක්‍රියාවන් සහ හැඟීම් ගැන මෙනෙහි කරන්න. ඔබ ඉටු කර ඇති දේ සහ තවමත් ඉතිරිව ඇති දේ මෙනෙහි කිරීම සඳහා ඔබ සෑම දිනකම මොහොතකට නතර වුවහොත්, ඊළඟ දවසේ ඔබට ඇති කාර්යය පිළිබඳ දළ විශ්ලේෂණයක් ඔබට ලැබෙනු ඇත. එය කාර්යය අවසන් කිරීමට පිටුවහලක් වනු ඇත.
විවේක ගැනීමට කාලය වෙන් කරන්න. මෙය ඔබගේ වැරදි වඩාත් පැහැදිලිව දැකීමට හෝ ගැටලුවට නිර්මාණාත්මක විසඳුම් සෙවීමට අපට ඉඩ සලසයි. එසේ වුවද, අපගේ විවේක කාලය සඳහා නිශ්චිත කාලයක් ස්ථාපිත කිරීම වැදගත් ය, මන්ද අප එසේ නොකළහොත් එය නිමක් නැති කල් දැමීමේ වේලාවට මඟ පෑදිය හැකි බැවිනි.

ඔබේ දුරකථනය නිහඩ කරන්න. වර්තමානයේ බොහෝ විට අවධානය වෙනතකට යොමු වන්නේ දුරකථනය නිසාය. අපගේ පුද්ගලික සමාජ මාධ්‍ය සමාලෝචනය කිරීම හෝ ගොසිප් වැනි වෙනත් වීඩියෝ නැරඹීම, තොරතුරු සොයා බැලීම සඳහා අපගේ අවධානය වැය වන විට, අපගේ කල් දැමීමේ මට්ටම ඉහළ යයි.

ඔබ අවංකවම කල් දාන පුරුද්ද ඉවත් කර ගන්නවා යැයි තදින් සිතට ගන්න. කල්දාන්න හිතෙන කොටම හිතන්න “නෑ මම කල්දා‍න්නේ නෑ. දැන්ම එක් කරලා ඉවර කරනවා”. එසේ සිතා එය කරන්න. මෙසේ ඔබ වැඩ කරන්නට පුරුදු වූ විට කල්දැමීම නිසා ඇතිවූ කලකිරීම් සහිත ජීවිතය ඉක්මනින්ම සාර්ථකත්වයට පත්ව ඔබව සතුටුදායක ජීවිතයට යොමුකරනු ඇත.

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now