ඔබ තවමත් ජීවිතේ සැනසීමක් සොයනවාද

ඔබ තවමත් ජීවිතේ සැනසීමක් සොයනවාද

අද සමාජයේ ‍බොහෝ දෙනෙකුට හිතේ සැනසීම සිහිනයක් පමණක් වී ඇති බව පෙනේ. මෙයට එක් හේතුවක් වන්නේ තරගකාරී ජීවන වටපිටාව සමගින් සිතුවිලි ව්‍යාකුල වීමයි.

සැනසීම සදහා සහාය ලබන ප්‍රධානම සිතුවිල්ලක් තමයි ලද දෙයින් සතුටු වීම.. තරගකාරී ලෝකයේ අනෙකා පරයා නැගී සිටීමටත් කැපී පෙනීමටත් ක්‍රියාකිරීම නිසා අප නොදැනුවත්ම හිතේ සැනසීම දුරස් කරගෙන ඇත. මෙම තරගයෙන් කිසිදාක අපට දිනීමක් නැති බව අප බොහෝ දෙනෙක් අවබෝධ කර ගෙන නැත. මේ ඒකිනෙකාට පරයා දුවන තර‍ගයෙන් දිනුවා කියා අපට ඇත්තෙන්ම ලැබෙන දෙයක්ද ඇත්තේ නැත. ලද දෙයින් සතුටු වීම නැමැති සිතුවිල්ල අප සිත වර්ධනය කර ගත හොත් අප සිතට සැනසීම නිරන්තරයෙන් ගලා එනු ඇත.

වෛරය හා කේන්තියත් වර්ථමානයේ අප සිතේ සහනය සොරාගෙන ඇත. රූපවාහිනි මාධ්‍ය මගින් විකාශනය කරනු ලබන බාල ටෙලිනාට්‍ය නැරඹීම මගින් ඒවායේ සිදුවෙන නාට්‍යමය සිදුවීම් වලින් අහක යන වෛරී සිතුවිලි තාවකාලිකව හෝ ඔබ සිතු තුල රදාව ගෙන පීඩා විදිනවා විය හැකිය. ඒවා ටෙලිනාට්‍ය නරඹන මොහොතේ තාවකාලිකව සිතේ හට ගැනුනත් පසුව දිගින් දිගට ඒවා නැරඹීම තුලින් එය නිරන්තරයෙන් සිතේ රැදී ඔබව පීඩනයට පත් කරනු ඇත. එබැවින් සම්පුර්ණයෙන් වෛරී සහගත අදහස් දෙබස් ඇති ටෙලිනාට්‍ය නැරඹීම නවතා දැනීම ඔබෙත් සිතේ සැනසීමට හේතුවක් වනු ඇත.

හැකි තරම් සරල වීම, අතහැරීම ආදි දේ නිසා හිතේ සැනසීම පහසුවෙන් ලගා කරගත හැකිය. ජීවිතය සරල කර ගැනීම තුලින් මහත් සහනයන් අත්විදිය හැකිය. සුවිශාල නිවසක් තිබෙන කෙනෙකුට වඩා සාමාන්‍ය නිවසක් තිබෙන කෙනෙකුගේ සිත සැහැල්ලුය. ‍ලොකු වටිනාකමක් ඇති ස්මාට් ෆෝන් එකක් ඇති ඇති කෙනෙකුට වඩා අඩු මිලක් ඇති සාමාන්‍ය දුරකථනයක් අතේ ඇති අයෙක් තුල සැනසීමක් ඇත. එනම් අප සරල වෙන තරමට අපට සිතේ සැලසීම ලැබෙනු ඇත.

කොච්චර දේ ලැබුනත් සැහීමටක පත් වීමේ ලක්ෂණයක් ඔබ සතුව නොමැති නම් සිතේ සැනසීම ඉවත්වේ. එබැවින් හැකි තරම් ලැබුන ‍දේ ගැන සැහීමකට පත්වන්න පුරුදු වන්න. “මට වඩා මේ දේවල් නැති අය මේ ලෝකයේ කොච්චර ඉන්නවාද? ඉතිං මට මේ ලැබිලා තියෙන දේවල් ගැන හිතන කොට මම කොච්චර වාසනාවත්තයෙක්ද?” යනුවෙන් ඔබට සිතන්නට පුලුවන් නම් ඔබ දැන් ඇත්තෙන්ම සිතේ සහනය භුක්ති විදින වාසනාවන්තයෙකි.

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now