ධනාත්මකව සිතීමට සිත හුරු කරගන්නේ කෙසේද?

ධනාත්මකව සිතීමට සිත හුරු කරගන්නේ කෙසේද?

මෙම රූපයේ තිබෙන අඩක් පිරවු වතුර වීදුරුව දුටු විට ඔබට මොකද සිතෙන්නේ…

ඔබට මේ ගැන දෙවිදියකට සිතන්න පුලුවන්.. වීදුරුවේ අඩක් වතුර පිරිලා කියලා.. නැත්නම් වීදුරුවෙන් භාගයක් හිස් කියලා..

අපිත් සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න ගැන හිතන්නෙත් ඔය විදියටයි. හැම ප්‍රශ්නයක්ම අපි හුරු වෙලා ඉන්න ක්‍රමේට හිතලා තමයි විසදුම් හොයන්න පටන් ගන්නේ.. අපේ ගොඩක් දෙනෙක් සාමාන්‍ය ජිවිතේ එන ප්‍රශ්න හා සිදුවීමි දිහා බලන්නේ සෘණාත්මකවයි. ඒ නිසා ගැටඵ තවත් උග්‍ර වෙනවා මිසක ලේසියෙන් විසදුමකට ලගා වෙන්නේ නෑ. එවිට දිගින් දිගටම සියල්ල අසුභවාදීව සිදු වෙනවා..

ඔබට ඉහත වතුර වීදුරුව දෙස බැලු විටම හිතට අවේ වතුර අඩක් වතුර පිරිලා කියලා නම් ඔබ ධනාත්මකව සිතීමේ හැකියාවට සමීප වු කෙනෙක්.. එසේ ‍නොමැතිව ඔබට එක විටම සිතට ආවේ වීදුරුවේ භාගයක් හිස් කියලා නම් ඉක්මනින් ඔබේ සිත ධනාත්මක චින්තනට නැඹුරු කරගත යුතු වු කෙනෙක්..

අසුභවාදීව හිතන බොහෝ දෙනෙක්ගේ ජීවිත ගොඩක් දුක් කම් කටොලු වලින් පිරිලා…සතුට ඈත් වෙලා.. දියුණුවක් අහලකවත් නෑ.. ඉතිං මේ ජීවත් වෙන කෙටි කාලේ විහින් දුක් විදගෙන ජීවත් වෙන ‍එක තේරුමක් ඇති වැඩක් නෙමේ නේද? ඔබටම ඔබව වෙනස් කර ගෙන හිතේ ධනාත්මක සිතුවිලි වර්ධනය කරගෙන ජීවිතයට සතුට දියුණූව ලගා කර ගන්න දැන්ම සුදානම් වෙන්න..

ජීවි‍තයේ අපට මුනපෑමට සිදුවන සිදුවීම් පිළිබද හැමවිටම සුභවාදීව හිතන්න.. හැම දෙයක්ම ධනාත්මකව දකින්න..

එසේ ධනාත්මක සිතීම පහසු වීම සදහා උදාහරණ සිද්ධි කීපයක් සලකා බලමු.

අප සිතමු ඔබට නව රැකියාවක් ලැබෙනවා දුර පළාතකට.. සෘණාත්මක සිතුවිලි ධරණ පුද්ගලයෙකු නම් සිතන්නේ “අනේ මට ජොබ් එක හම්බුනාට වැඩක් තියනවායැ දුෂ්කර පැත්තකට නේ හම්බුනේ.. පඩියත් ඉවරයි ඉතිං කාල බීලා බොඩිං වලටයි ගමන් වියදම වලටයි ගියාම…” නමුත් ධනාත්මක සිතුවිලි ධාරාගෙන කටයුතු කරන කෙනෙක් හිතන්නේ ” දුෂ්කර පැත්තකට ජොබ් එක හම්බුනත් මම කොච්චර වාසනාවන්තද, ලක්ෂ ගානක් අතරින් මේ ජොබ් එක මටම ‍ලැබුන එක.. දැන් ඉතිං මේ ‍‍‍ජොබ් එකේ ඉහලම තනතුරට යන්න ට්‍රයි කරන්න ඕනි… දුෂ්කර පැත්තක මිනිස්සුන්ට සේවය කරන්න ලැබීමත් කොච්චර ‍පින් සිද්ධ වෙන දෙයක්ද? ඒ විතරක්යැ අලුත් මිනිස්සු ටිකකුත් අදුරගන්න ලැබෙනවානේ..”

අපි තවත් සිද්ධියක් ගනිමු. රැකියාවක් කරමින් සිටි කෙනෙක් කුමක් හෝ හේතුවක් නිසා රැකියාවෙන් නෙරපනවා. එවිට සෘණාත්මක සිතුවිලි ධරණ පුද්ගලයෙකු නම් සිතන්නේ “අපේ බොස්ට හෙන ගහන්න ඕනි මම රස්සාවෙන් දොට්ට දැම්මට.. අනේ දැන් මට කරගන්න දෙයක් නෑ.. හිගාකන්න තමයි වෙන්නේ දරුපවුලත් එක්ක..මුන්ට නම් හොදක් වෙන්න හොදනෑ..” අසුභවාදී පුද්ගලයා නිතරම අනුන්ට දෝෂාරෝපණය කරමින් වෛරකමින් අසතුටෙන් ජීවත් වෙන්නේ. ඒත් මේ සිද්ධිය ධනාත්මකව සිතන කෙනෙකුට සිදු වුවා නම් “ජොබ් එක නැති වුන එක හොදයි මොකද ජොබ් එකේ ඉන්න කාලේ හිරවෙලා පීඩනයෙන් ජීවිතේ ගත කලේ.. ඒත් දැන් පවුලේ අය එක්ක ඉන්නත් අවස්ථාවක් ලැබිලා.. ඒ වගේම මගේ තියන හැකියාවන් ගෙන් ප්‍රයෝජනයක් ගෙන ඉස්සරට වඩා සල්ලි හම්බ කරන්න මාර චාන්ස් එකක් ලැබුනේ.. ‍ජොබ් එකේ ඉන්න කොට ඉතිං ලැබෙන පඩියෙන් විතරනේ ජීවත් වුනේ එත් දැන් ඒක ඒක වැඩ ගොඩක් කරන නිසා වැඩිපුර සල්ලිත් සතුටත් දෙකම ලැබෙනවා..”

ඔබත් හැම දෙයක් ගැනම සෘණාත්මකව සිතන්නේ නම් ඉහත උදාහරණ අරන් පෙන්වා දුන් අයුරින් සෑම සිද්ධියකම ධනාත්මක පැත්ත පමණක් සිතන්න පුරුදු වන්න.. මුලින්ම කරන්න ටිකක් අමාරු වෙයි.. ඒත් දිගමට උත්සහ කලාම ධනාත්මකව බලන්න ඉක්මනින් හිත හුරු වෙයි.

ඔබත් ජීවිතේ ප්‍රශ්න හා සිදුවීම් ධනාත්මකව දකින්න පුරුදු උනොත් ඔබේ ජීවිතයටත් සතුට සැනසීම දියුණුව ඉක්මනින් ලගා වෙවි…

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now