පෙම් සබඳතාවයක් බිදී ගිය විට අප කුමක් කල යුතුද?

පෙම් සබඳතාවයක් බිදී ගිය විට අප කුමක් කල යුතුද?

පෙම් සබඳතාවයක් බිදී යෑම ජීවිතයේ අප ලබන අතිශය අමාරු වේදනාකාරී අත්දැකීමකි. එවැනි වු අවස්ථාවකදී අප කල යුත්තේ කුමක්ද යන්න අපට සිතා ගත නොහැක්කේ අප සිත අතිශය දුකට හා කලබලයට පත්වී ඇති නිසාය. ඒ නිසා අප එවැනි අවස්ථා වලදි හැකි තරම් සිහිබුද්ධියෙන් කටයුතු කල යුතුය.

පෙම් සබදතාවයට අදාල සියලු සිහිවටන ඉවත් කරන්න.
ඔහු හෝ ඇය ඔබට දුන් සියලුම තෑගි, සිහිවටන, ලිපි, ඡයාරූප ආදිය විනාශ කර දමන්න. ඔහු/ඇය නිතර හමුවු ස්ථාන වලට ටික කලකට නොයන්න. ඔහු/ඇය පිළිබද තොරතුරු ඔබගෙන් විමසන හැකි අය, හැකි තරම් හමුනොවී සිටින්න. නොවැලැක්විය‍ හේතු නිසා එවැනි අය හමු වුවත් ඔහු/ඇය පිළිබද තොරතුරු ඔබගෙන් විමසන අවස්ථා වලදී “කරුණාකර එයා ගැන මගෙත් එක්ක කථා නොකර ඉන්න.” යනුවෙන් ඉල්ලීමක් කරන්න මැලි නොවන්න.

ඔහු/ඇය සමගින් සම්බන්ධ වු සමාජ මාධ්‍ය වලින් සම්පුර්ණයෙන්ම ටික කලකට ඉවත් වන්න.

හිතේ වේදනාව හැකි තරම් ලිපියකින් ඔහුට/ ඇයට ලියන්න. එවිට හිත තරමක් නිදහස් වනු ඇත. ලිපිය ලියා අවසන් කර, පසුව එය විනාශ කර දමන්න. ඔබේ සිතේ තිබෙන තරහා හෝ වේදනාව, ඔබ කියන දේ උනන්දුවෙන් සවන් දෙන ඉතා හිතවත් කෙනෙකුට කියන්න.

අලුත් යහලු යෙහෙලියන් හදුනා ගන්න උත්සහ කරන්න. හැබැයි ඔවුන් සමග ඔබගේ බිදී ගිය සිත් පීඩාවෙන් සිටින පෙම් සබදතාව ගැන කිසිවක් කථා නොකරන්න.

අලුත් දෙයක් ඉගෙන ගන්න බලන්න.. අලුත් නිර්මාණයක් කරන්න බලන්න.. හැකි තරම් වෙනත් දෙයකට හිත යොමු කරන්න උත්සහ කරන්න.

විරහා ගීත ඇසීම ටික කලකට සම්පුර්ණයෙන්ම නවතා දමන්න..

ආගම දහමට හිත යොමු කරන්න.. පංසල, පල්ලිය වැනි ආගමික ස්ථානකට නිතර යන්න.. ලෝකයේ සෑම දෙයකම ඇති වෙනස් වන ස්වභාවය හා අස්ථීර භාවය අවබෝධ කර ගන්න උත්සහ කරන්න.. හිත නිවෙන ධර්ම දේශනා වලට නිරන්තරයෙන් සවන් දෙන්න. ඔබ සතුව ඇති යම් දෙයක් දුප්පත් කෙනෙකුට පරිත්‍යාග කර ඒ ගැන සිතා සතුටු වෙන්න..දානමය පුන්‍යකර්ම වලට සක්‍රීයව දායක වන්න.

කිසිම විටක තනියෙන් කල් ගත නොකරන්න. කල්පනා නොකරන්න. හැකි තරම් වෙනත් අය ඇසුරු කරන්න. සුන්දර ස්ථාන වලට සංචාරය කරන්න..

ගිය දේවල් ගැන දුක් නො‍වී ජීවිතට අලුතින් පටන් ගන්න හිතන්න..

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now