රැකියාව නිසා ඔබත් පීඩනයෙන්ද?

රැකියාව නිසා ඔබත් පීඩනයෙන්ද?

රැකියාව යනු ජීවිතයේ කොටසකි. එබැවින් රැකියාව තුලින් ඔබ පීඩනයට පත් වී සිටින්නේ නම් එය ඔබගේ ජීවිතයේ සතුට හා නිරෝගී භාවට කෙලින්ම බලපානු ඇත. ඒ නිසා රැකියාවේ පීඩනය මගහැර ගැනීමට පහත යෝජනා ඔබත් ක්‍රියාත්මක කර බලන්න.

01. වැඩ කොටස් වල බෙදා ‍එකින් එක සිදුකර අවසන් කරන්න.
ඔබට පැවරී ඇති කාර්යාලයීය වැඩ කොටස වැඩිවීම මත පීඩනයකට පත් වී සිටී නම් ඔබ මුලින්ම වැඩ එකින් එකට වෙන් කර කොටස් වශයෙන් සම්පුර්ණ කරන්න. ඔබ පීඩනයට පත් වන්නේ සම්පුර්ණ කාර්යයම එක‍ට ගත් විටය. එය කොටසින් කොටස සම්පුර්ණ කරන්න. එවිට පීඩනයකින් ‍තොරව එම වැඩකටයුතු ඉටුකල හැකිවනු ඇත.

02. කෙටි විවේක ගන්න
එක දිගට පැය ගණන් වැඩ නොකර අතරතුර විවේක ගන්න. කෙටි විවේක ගැනීම ඔබට ආතතිය දුරු කිරීමටත්, ඔබව පුනර්ජීවනය කිරීමටත්, කාර්යන් ඵලදායීව කිරීමටත් බොහෝ ඉඩ සලසයි. ඒ විවේකය තුල විවේකාගාරයට ගොස් තේ බීම හෝ නැගිට ඔබේ කාර්යාල අවකාශය වටා ගමන් කරන්න.

03. සිත නිවන සංගීතය සවන් දෙන්න.
වැඩකරන අතර තුර සරල ගීත, වාදන වැනි දෑ ශ්‍රවණය තුලින් ඔබතුල වු පීඩනය සමනය වනු ඇත. හැකි නම් ඔබ කැමති Relaxation Music කණ්ඩ කිහිපයකට ‍දෑස් පියා සවන් දෙන්න.

04. කල වැඩ කොටස් ගැන සතුටු වන්න – තෘප්තිමත්ව සිතන්න.
එදිනෙදා රාජකාරී ඉටු කිරීමේදී ඔබ කර අවසන් කල වැඩ කටයුතු ගැන සිතා ඒ ගැන සතුට වන්න. ඒවා හොදින් ඉටු කල බැවින් ඒ ගැන තෘප්තිමත්ව සිතන්න. එවිට ඉතිරි වැඩ කාර්යක්ෂමව සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ඔබ ලැබේ. රැකියාව නිසා ඇති වන පීඩනය දුරස් වේ.‍

05. ඔබ සිතන ආකාරය වෙනස් කරන්න
ඔබට පැවරී ඇති කාර්යයන් පිළිබද ඔබ සිතන අයුරු හා ඔබගේ ආකල්ප අනුව නිකරුනේ ඔබ පීඩනයෙන් සිටිනවා විය හැකිය. ඔබ සිතන ආකාරය ධතාත්මක ලෙස වෙනස් කර ගත හොත් පීඩනය අවම කර ගත හැකිය.

06. ප්‍රමුඛතාව පිළිබද අවබෝධයෙන් වැඩ කරන්න.
ඔබ වැඩ වලින් පීඩනයට පත් අවස්ථාවලදී ඔබ කලයුතු වැඩ සියල්ල ප්‍රමුඛතාව අනුව පහත පරිදි පෙලගස්වා ගන්න.
(1) හදිසි සහ වැදගත්
(2) වැදගත් නමුත් හදිසි නොවේ
(3) හදිසි නමුත් වැදගත් නොවේ
(4) හදිසි හෝ වැදගත් නොවේ.
පළමුව හදිසි හා ක්ෂණික කාර්යයන් ඉටු කරන්න. ප්‍රමුඛතාවයක් නොමැතිව හදිසි නොවන කාර්යයන් ලැයිස්තුවෙන් දැනට ඉවත් කරන්න. පීඩනය ලිහිල් කිරීමට එය විස්මිත ක්‍රමයකි.

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now