වැටුප සකසුරුවම් ලෙස වියදම් කරවීමට සදහා වු රහස කුමක්ද?

වැටුප සකසුරුවම් ලෙස වියදම් කරවීමට සදහා වු රහස කුමක්ද?

බොහෝ දෙනෙක් නිතරම නගන මැසිවිල්ලක් වන්නේ “ජීවත් වන්න ගන්න වැටුප මදි…” යන්නයි. වර්ථමාන ආර්ථික රටාව අනුව එම කියමනේ යම් තරමක සත්‍යතාවයක් තිබුනත් එය 100% ක් සත්‍ය කියමනක් නොවේ. පඩිය සකසුරුවම් ලෙස වියදම් කරවීමට ඔබත් පහත දැක්වෙන ක්‍රියාකාරකම් ජීවිතයට පුරුද්දක් කර ගන්න.

ඔබ මාසිකව ලබා ගන්නා වැටුප මුලින්ම වියදම් කිරීමට පෙර අනිවාර්යයෙන් කොටසක් ඉතුරුම් ගිණුමකට ඉතුරු කරන්න. එය රු.500/- ක් වුවත් කම් නැත. ඔබ හැකි පමණ වැටුපෙන් මුලින්ම ගන්නා මුදල ඉතුරුම් ගිණුමක ඉතුරු කරන්න. එම ඉතුරුම් ගිණුමෙන් ජීවිත‍යේ අති විශේෂ අවස්ථාවකදී මිසක මුදල් ලබා නොගත යුතුය. එය ඉතුරුමක් ලෙස ඉදිරියට පවත්වාගෙන යා යුතුය.
‍එසේ ඔබ වැටුපෙන් ලබා ගන්නා මුල්ම කොටස ඉතුරුම් කිරීමට පුරුදු වු පසු, මාස කිහිපයක් යාමට පෙර ඔබටම පඩිය සකසුරුවම් ලෙස වියදම් වන බව දැනෙනු ඇත.

කිසිම මොහොතක අසනීප සදහා බෙහෙත් ගැනීමට හෝ ණයට දීමට/ගෙවීමට ඔබේ පඩියෙන් මුල්ම කොටස භාවිතා නොකරන්න. එසේ සිදු කිරීමට හදිස්සියේ හෝ අවශ්‍ය වුව හොත් වැටුපෙන් මුල්ම කොටස ගෙන වෙන් කර ඉන් පසු අදාල වියදම කර ගන්න.

ඔබත් මෙය උත්සහා කර බලන්න. එවිට අනිවාර්යෙන්ම ඔබේ වැටුප සකසුරුවම් ලෙස වියදම් වනවා පමණක් නොව ඉතිරිකිරීම් නොදැනුවත්ම වැඩිවෙමින් දිනෙන් දින ඔබ සාර්ථක මිනිසෙකු වනු ඇත.

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now