වැඩක් ආරම්භ කරන්න හොදම වේලාව..

වැඩක් ආරම්භ කරන්න හොදම වේලාව..

ඇත්තෙන්ම යම් වැඩක් ආරම්භ කරන්න හොදම වේලාව පිළිබද ඔබේ අදහස කුමක්ද?
යමක් ආරම්භ කරන්න හොදම වේලාව එය ආරම්භ කල යුතුයැයි සිතට නැගුන අවස්ථාව බව ඔබ දන්නවාද? ඒ අවස්ථාවේ සිතේ ඇති ශක්තිය උද්යෝගය අප ආරම්භ කල දෙය සාර්ථකත්වය දක්වා ගෙන යන්නට මග පාදන බව ඔබ දන්නවාද?

එවිට ඔබ සිතයි, මීට ඉස්සරත් මට හිතිලා තියෙනවා ඒත් කරන්න බැරිවුනා දැන් කරලා හරියයිද කියලා…
ඔව්…හරියනවා…
මේ දැන් සිතට ආ‍යෙමත් ඒ අදහස ආවා නම් දැන් තමයි නියම වේලාව එය ආරම්භ කරන්න..
කල් බල බලා හිටියොත් අපට යම් වැඩක් ආරම්භ කරන්න බාධා එනවා වැඩියි..
ඒ නිසා හොද දෙයක් නම් ඔබ කරන්න කල් බලන්න එපා.. වැඩේ පටන් ගන්න..
තවත් ඉතා වැදගත් දෙයක් …
ඔබ යමක් ආරම්භ කරන්න හදන්න ඉස්සර ඒ බව වැඩිය කාටවත් ‍කියන්න එපා.. එවිට ඔබ සතු ශක්තිය අඩුවන්න ඉඩ තියෙනවා..
රාහු කාලය ගැන වැඩිය හිතන්න එපා.. හිතුවොත් විතරයි රාහු කාලයෙන් බලපෑමක් තියෙන්නේ.. ඔබ රාහු කාලය විශ්වාස කරන්නේ නැත්නම් ඔබට එයින් කිසිදු බලපෑමක් නෑ…
ඔබ සොයලා බලන්න.. දියුණුවේ බොහෝම ඉහලට ගිය ව්‍යාපාරිකයින් ගැන.. ඔවුන් ඉතා අඩුමුදලක් අතේ තියාගෙන තමයි තම ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ.. නමුත් ඔවුන් දැන් කෝටිපතියෝ.. සොයලා බලන්න ඔවුන් කල්වේලා බල බලාද මුලින්ම තම ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ කියල..
ඇත්තෙන්ම නෑ..
යමක් ආරම්භ කරන්න සිතට ආපුවාම ඒක කරන්න කල් දැමීම තුලින් එය සාර්ථක වීමේ හැකියාව ටිකෙන් ටික අඩු වෙනවා.. ඒක හරියට ඉතා හොදින් රත් වු යකඩයක් ඒ රත්වු මොහොතේ අවශ්‍ය පරිදි නැමිය හැකි වුවත් ටික වේලාවක් යන විට එහි උශ්ණත්වය අඩු වන විට අවශ්‍ය පරිදි නැමිය නොහැකි වෙනවා වගේ..
අපිට යමක් කරන්න, ආරම්භ කරන්න අදහස් හිතට එන්නේ එය කරන්න තියෙන හොදම මොහොතේදීයි.. ඒ නිසා ඒ මොහොතෙන් උපරිම ප්‍රයෝජනය ගන්න උත්සහ ගන්න..
ඔබ ජෝතිශ්‍ය විශ්වාස කරන කෙනෙක් නම්… ‍ජෝතිශ්‍ය විද්‍යාව තුලත් යමක් ආරම්භ කරන්න හොදම වේලාව එය ආරම්භ කල යුතුයැයි සිතට නැගුන අවස්ථාව යැයි සදහන්ව ඇති බව ඔබ දන්නවාද? ජෝතිශ්‍ය විද්‍යාවේදී එය හදුන්වන්නේ “චිත්තාරම්මණී නිමිත්ත” ලෙසයි. ජෝතිශ්‍ය විද්‍යාව තුල කියවෙන පරිදි චිත්තාරම්මණී නිමිත්තේ යමෙක් යමක් ආරම්භ කරයිද එයට රාහු කාලය, ග්‍රහ අපල, අණවින, කොඩිවින ආදි කිසිදු බාධාවක් සිදු ‍නොවේ.
ඉතින් යමක් ආරම්භ කරන්න හොදම නැකත “චිත්තාරම්මණී නිමිත්ත” නොවෙද?
ඔබ මෙසේ යමක් ආරම්භ කල යුතු යැයි සිතුණු ‍මොහොතේම එය ක්‍රියාත්මක කිරීම නොහැකි පරිසරයකනම් ඉන්නේ ඉතා ඉක්මනින් ඊට සුදුසු පරිසරයකට පිවිස එය ආරම්භ කිරීමට පටන් ගන්න.. ඔබට එය සාර්ථක වෙනවා ස්ථීරයි…

“යම් කාර්යයක් ආරම්භ කිරීමට සුදුසුම අවස්ථාව එම අදහස හිතට ආපු මේ මොහොතයි…”

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now