විභාග අසමත්වීම සියල්ලේම අවසානයද?

විභාග අසමත්වීම සියල්ලේම අවසානයද?

විභාග අප ජීවිතයේ මුහුණ දෙන අභියෝග අතර කුඩා කල සිටම මානසික පීඩාවට ලක්වන්නා වු තවත් එක් සිද්ධියකි. විභාගයක් ලංවන විට මෙන්ම එයට සුදානම් වන අවස්ථාවන් වලදී ද බොහෝ දෙනෙක් මානසික පීඩනයෙන් යුතුව කල් ගෙවයි. ජීවත් වීමට රැකියාවක් ලබා ගැනීමට විභාග සමත් විය යුතු නිසා කුඩා කල සිටම විභාග වලට අකමැත්තෙන් වුවත් අප මුහුණ දෙන්නෙමු. මේ විභාග වලින් සෑම කෙනෙකුට සමත්වීමට හැකියාව ඇත්තේ නැත. එබැවින් වැඩි දෙනෙක් විභාග වලට මුහුණ දී අසමත් වී තවත් මානසික පීඩාවක් විදගනී. සමහරක් සිතන්නේ විභාග අසමත්වීම සියල්ලේම අවසානය බවයි. නමුත් සත්‍යය සම්පුර්ණයෙන්ම වෙනස්ය.

විභාග වලට මුහුණ දී ඒවා ජයගැනීම උත්සහ කිරීම හොද දෙයකි. වැරදි‍ දෙය නම් විභාග අසමත් වු පසු කම්පා වීම හා මානසික පීඩනයට ලක් වීමයි.

යම් විභාගයක් ඔබ අසමත් නම් එයින් හැගෙන්නේ ඔබට ජීවිතය ජය ගැනීමට අවැසි මං සියල්ල වැසී ඇති බව නොවේ. ජිවීතය ජය ගැනීමට විභාගය සමත් වීමට වඩා ‍‍හොද මගක් වෙත පිවීසීමට ඔබ‍ට ලබා දුන් සුපිරි වරමක් ලෙසය.

විභාග වලින් මනින්නේ එක්තරා මටිටමක දක්ෂතාවක් පමණි. එහෙත් සෑම පුද්ගලයෙකු තුලට තමාට පමණක් සුවිශේෂ දක්ෂතා පවතී. ඒවා සොයා එම දක්ෂතා ඔප්නංවා ගත හැකි නම් විභාග වලින් උසස් ලෙස සමත් වුවෙකුට වඩා ජීවිතය සාර්ථක කර ගත හැකිය.

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” යන කියමන ඔබ අසා ඇති.ඒ අනුව ඔබ සතු විශේෂ දක්ෂතා හැකියාවන් ගැන සොයා දැන ගන්න. ඉන් පසු ඒවා වෘත්තීය පුහුණුවක් බවට පත් කර ගන්න. ඔබ මේ දේ නිවැරදිව කලොත් ඔබට, ඔබට වඩා හොදින් විභාග සමත් වු අය ඔබ යටතේ රැකියාවට ගත හැකි වනු ඇත.

කලාත්මක හැකියාවන්, නිර්මාණශීලී හැකියාවන්, කාර්මික ශිල්ප හැකියාවන්, සංවිධාන ශක්ති හැකියාවන්, කථීක හැකියාවන්, වගා කටයුතු සදහා වු හැකියාවන් ආදි මෙකී නොකි දහස් ගණනක් වු මිනිස් හැකියාවන් අතරින් එක් සුවි‍ශේෂ හැකියාවක් හෝ කීපයක් අනිවාර්යෙන් ඔබ සතුව ඇත. එය අවධි කර ජීවිතය අතිශය සාර්ථක කර ගැනීමට ඔබට ස්ථීර වශයෙන්ම ශක්තිය ඇත. ඒ සදහා ඔබට සහායක් අවැසි නම් මෙතැනින් ඒ පිළිබදව අප දැනුවත් කරන්න.

ඔබට ජීවිතය ජය ගැනීමට අවශ්‍ය උපදේශනාත්ම සහයට අප නිරන්තරයෙන්ම ඔබ සමගයි..

Call Now