සතුටින් ඉන්නේ කොහොමද (1 ‍කොටස)

සතුටින් ඉන්නේ කොහොමද (1 ‍කොටස)

සිතේ සතුට ඇති කරගන්නේ හරි ඒක නැති කර ගන්නේ හරි අපිමයි.. අපි කරන කියන වැඩ නිසාත් අසුභවාදී සිතුවිලි නිසත් සතුට‍ අපෙන් ඈතට යනවා..

සිත සැහැල්ලු කර‍‍ගෙන සතුටින් ඉන්න තියෙන හොදම ක්‍රමය තමයි පුලුවන් තරම් වැරදි නොකර සිටීම.. මොකද අපි වැරදි කරපුවාව ඒ ගැන කම්පාවෙන්න සිදු වන නිසා සතුට අපෙන් ඈතට යනවා.. අනුන්ට උදවු කරන්න ඔබට පුලුවන් නම් ඒකත් සං‍තෝෂයෙන් ඉන්න හොද බේතක්..

ඔබ ආශ්‍රය කර අයට හොදින් සුහදශීලීව කථා කරන්න ඔබට පුලුවන් නම් ඒ අයගේ සිතේ දුක් නිවන්න පොඩ්ඩක් ඔබේ කාලය වැය කරන්න ඔබට පුලුවන් නම් සිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ..

අපේ සමාජයේ හැමදෙනෙක්ම මොකක් හරි ගැටඵවකින් ඉන්නේ.. තවත් සමහරු කාටවත් ප්‍රශ්න කියාගන්න බැරිව තනියෙන් දුක් විදිනවා.. ඒ අයගේ දුකට පිහිට වෙලා ඒ අයගේ දුකට කන්දෙන්න ඔබට පුඵවන් නම් ඔබට ලැබෙන සතුට කියලා නිමකරන්න බැරිවෙයි..

ඒ ව‍ගේම හොද යාලුවෝ කීපදෙනෙක් හදුනාගෙන තියා ගැනීමත් සතුටින් ඉන්න හොද බේතක්.. අපේ හිතේ තියෙන ප්‍රශ්න ගැන බය නැතිව කථා කරන්න පුලුවන් යාලුවෝ හොයා ගන්න හරිම අමාරුයි තමයි.. ඒත් උත්සහ කලොත් අපිට බැරි නෑ… අපේ හිත සැහැල්ලු කර ගන්න හිතේ ප්‍රශ්න කාටහරි කියන්න ඕනි.. (හැබැයි හොදින්ම විශ්වාස අයට විතරයි ,නැත්තම් නැති ප්‍රශ්න ඇතිවෙනවා) හිතේ ප්‍රශ්න කියපුවාම හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ඒ නිසා සතුටින් ඉන්න පහසු වෙනවා..

තවත් එකක් තමයි අපි කාටවත් වෛර නොකර සිටීම මගිනුත් අපිට සතුට ලගා කරගන්න පුලුවන්..

සාමාන්‍යයෙන් උදෑසන අවදිවන විට “සියඵ සත්වයෝ නිරෝගි වෙත්වා! සුවපත්‍ වෙත්වා!” කියලා අවංකව සිතන්න උත්සහ ගන්න.. ඒක දවසපුරා ඔබට සතුටින් සිටීමට ‍මෙන්ම කිසිවෙකුට වෛර නොකර සිටීමටත් උපකාරී වෙයි.

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now