සමාව දීම කල යුතුද?

සමාව දීම කල යුතුද?

සමාජයේ ජීවත් වන විට අප අතින් දැන හෝ නොදැන වැරදි සිදුවන අවස්ථා තිබේ. ඒ සෑම අවස්ථාවකදීම සමාව ඉල්ලීම අප විසින් නිරායාසයෙන් සිදු කරයි. එහෙත් වෙනත් කෙනෙකු අතින් අප වෙත වැරැද්දක් සිත් රිදවීමක් වු විට අප ඔවුන්ට සමාව දෙන්නේද? නැතහොත් අප වෙත සිදුවු වැරැද්ද ගැන සිතා වෛර බැදගෙන, අමනාප කම් ඇති කරගෙන, වැරදි කල අයගේද සිත් රිදවමින් අප කටයුතු කරන්නේද? ඇත්තටම ඔබ කරන්නේ කුමක්ද සිතා බලන්න..

යම් කිසිකෙනෙක් අපිට වැරැද්දක්, සිත් රිදවීමක් ඇතිකල විට අපට ඒ වෙනුවෙන් සමාව දීමට හැකි නම් එය අප වෙතම කර ගන්නා ශාන්තියකි. මන්ද අප වෙනත් කෙනෙක් අපට කල දෙයක් නිසා තරහින්, කේන්තියෙන්, පලිගැනීමේ චේතනාවෙන් සිටියොත් එහි හානිය සිදු වන්නේ අපටමයි. අපිට වැරැද්දක්, සිත් රිදවීමක් ඇතිකල අයට කිසිවක් සිදු නොවේ. එම දේවල් නිසා නිරන්තරයෙන් පීඩනයෙන් දුකින් සිටිමින් හානිය කර ගන්නේ අපටමයි.

සිතේ ඇති පීඩනය, කේන්තිය, තරහා, පලිගැනීමේ චේතනා නිසා අපගේ සිත පීඩාවට පත්වෙන අතරම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිස අප ඉක්මනින් අසනීප ‍වලට ලක්වේ. එබැවින් ගතටත් සිතටත් සහනයක් සැනසීමක් ලබා ගැනීමට අප සම්පුර්ණයෙන්ම සමාව දීමට පෙළඹිය යුතුය.

ඔබට යමෙකුට සම්පුර්ණයෙන්ම සමාව දිය හැකිනම් එහි සැනසීම සතුට ලැබෙන්නේ ඔබටමය.

අපට මොන දේ කලත් එයට සමාව දී ඔවුන්ගෙන් ඈත්වී නැවත එවැනි දෙයක් වීමට ඇති ඉඩ අඩු කල යුතුය. අප කවුරුවත් එක්ක තරහින්, කෙන්තියෙන් සිටියා කියලා අපිට ලැබෙන එකම දෙය නම් මානසික පීඩනය හා කායික රෝග පමණි. එහෙනම් ඇයි අපි නිකරුනේ මානසික පීඩයෙන් ඉන්නේ.. ඇයි කායික ලෙඩරෝග වලට ලක්වීමේ සම්භාවිතාව ඉහල දමා ගන්නේ?

සිතේ සැනසීම තමයි හැමදේටම වඩා වැදගත්.. ඒ නිසා හොදම දේ නම් සමාව දී සිත සැනසීමට පත්වීමයි.

ඔබ දැනටමත් යමෙක් ගැන තරහින් කෙන්තියෙන් ඉන්‍නවා නම් දැන්ම ඔහුට/ඇයට සමාව දෙන්න… සම්පුර්ණයෙන්ම සමාව දෙන්න.. ඔබට ඇත්තටම සමාව දෙන්න හැකි වුවා නම් දැන් ඔබගේ සිතට මහත් සහනයක් සැහැල්ලුවක් දැනෙනු ඇත. හොදට හිතලා බලන්න කොච්චර බලය හෝ සල්ලි තිබුනත් සිතේ සැනසීමෙන් ලැබෙන සතුට වෙන කිසිම දේකින් ලබා ගන්න බැහැ නේද?

අවම වශයෙන් රාත්‍රියට නින්දට යන විටවත් මෛත්‍රී භාවනාව කරන්න පුරුදු වන්න.. ඔබට නිසැකව හොද නින්දක් ලැබෙයි..

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now