සිතන විදිය වෙනස් කර ජීවිතය සරු කර ගන්න..

සිතන විදිය වෙනස් කර ජීවිතය සරු කර ගන්න..

‍අප සිතන විදිය අනුව අපට ලැබෙන නොලැබෙන දේ තීරණය වෙයි. අපට යමක් නොලැබී යැයි දුක් වෙවි තැවෙමින් නොසිට අප සිතන විදිය වෙනස් කිරීමෙන් පමණක්ම වුවත් අපට අවැසි දේ ලබා ගත හැකිය.

පහත දැක්වෙන රූපයේ දුම්රිය දෙස හොදින් බලන්න.. එය ඉදිරියට යනවා යැයි ඔබ සිතුවෙත් එය ඉදිරියට යනු ඔබට පෙනෙනු ඇත. එසේම එය පසුපසට යනවා යැයි ඔබ සිතුවොත් දුම්රිය පසුපසට යනු ඔබට පෙනෙනු ඇත.

 

අපගේ ජීවිතයත් මේ දුම්රිය වැනිය. අප සිතන ආකාරයට අනුව ජීවිතය ඉදිරියට හෝ පසු පසට යන්නේය. ඔබ ධනාත්මකව සිතන්නට පුරුදු වු අයෙක් නම් අනිවාර්යෙන් ඔබගේ ජීවිතය සාර්ථක ප්‍රීතිමත් එකක් වන්නේය. නමුත් ඔබ සෘණ සිතුවිලි නිරන්තරයෙන් සිතන්නේ නම් , ඔබ දැනටමත් විදින දුක් කම් කටොලු සියල්ල ඔබ විසින්ම , ඔබගේ වැරදි සිතුවිලි රටාව නිසා ලගා කර ගත් දේය.

එබැවින් ඔබ ජීවිතය සාර්ථක හා ප්‍රීතිමත් එකක් කර ගැනීමට අවැසි නම් ඔබ මුලින්ම සිතන විදිය වෙනස් කර ගන්න. අසුභවාදී සිතුවිලි කිසිම විටක සිතට නැගෙන්නට ඉඩ නොදෙන්න. එසේ අසුභවාදී සෘණ සිතුවිල්ලක් ඇතිවු සැනින් ඊට විරුද්ධ ධනාත්මක සිතුවිලක් ගොඩනගා ගන්න පුරුදු වෙන්න.. මෙය නිරන්තරයෙන් පුරුදු වු විට, ඔබගේ ජීවිතය සාර්ථකත්වය කරා කෙමෙන් කෙමෙන් පිය නගන බව ඔබට දැනෙනු ඇත.

ඔබ ජීවිතය ගැන පුර්ණ සුභවාදීව බලන්නට හුරු වු විට සියල්ල සුභ වාදීව සිදුවනු ඔබට දැනෙනු ඇත.

ඔබ ධනාත්මකව සිතන්නට උත්සහ කරමින් සිටින් විට ඒ අතර සෘණාත්මක සිතුවිලිත් සිතන්නට පටන් ගත හොත් ධනාත්මක සිතුවිලි සිතමින් ඔබ කල උත්සාහය සාර්ථක නොවේ. එබැවින් ඔබ පුර්ණ ලෙසම ජීවිතය දෙස ධනාත්මකව බලන්න.. සිතන්න… ධතාත්ම දේ පමණක් පවසන්න..

“අනේ අපිට නම් හරි යන්නේ නෑ.. මට කවදා හොද කාලයක් එයිද දන්නේ නෑ.. මම නම් හැමදාම දුකින්..” ආදි ලෙස ඔබ දැනටමත් සිතනවා නම් මේ මොහොත් සිට ” අපට අනිවාර්යෙන් හරියනවා.. මට දැන් හොද කාලයක් ලබලා තියෙන්නේ.. මම වාසනාවත්ත‍යි.. මම ඇත්තෙන්ම දැන් සතුටින් ඉන්නේ..” ලෙස සිතන්න.. ඔබ එසේ අවංකව සිතන්නේ නම් ඔබ සිතු ලෙසම සාර්ථකත්වය හා සතුට ඔබ සමගින්ම රැදෙනු ඇත.

ඔබට මේ පිළිබද තවත් සහායක් අවශ්‍ය නම් මෙතැනින් අප වෙත ඔබ‍ගේ ගැටඵ යොමු කරන්න.

සිතන විදිය වෙනස් කරගන්න.. ඔබේ ජීවිතයත් එලෙසම වෙනස් වෙනු ඇත.

Call Now