හිත කාන්දමක්..

හිත කාන්දමක්..

මිනිස් සිත මේ ලෝකයේ තිබෙන බල සම්පන්නම දෙයක්.. එයට කල නොහැකි දෙයක් නැති තරම්.. ඒ අතරේ ඔබේ සිත කාන්දමක් ලෙසත් ක්‍රියා කරන බව ඔබ දන්නවාද? බටහිර රටවල මෙය ආකර්ෂණ නීතිය ලෙසත් හදුන්වනවා..

ඔබේ සිතට පුලුවන් ඔබට අවශ්‍ය ‍ඕනෑම දෙයක් ඔබ අසලට ලගා කරවන්න.. ඒ වගේම ඔබට ජීවිතේ යන්න ඕනි කැමති තැනකට ඔබ ඔසවා තබන්නටත් ඔබේ හිතට පුලුවන්.. ඒත් ‍අප සමාජයේ බොහෝ දෙනෙක් මේ පිළිබද දන්නේ නෑ..ගොඩක් දෙනෙක් සිතේ ඇති කාන්දමෙන් කිසිදු වැඩක් ගන්නේ නෑ.. අද අපි බලමු හිතේ ඇති මේ ප්‍රභල කාන්දමෙන් වැඩ ගන්න හැටි..

හිතේ කාන්දමට පුලුවන් ඔබට සෑම දෙයක්ම ලගට ගෙනත් දෙන්න.. භෞතික වස්තු වගේම ජීවිතයට සතුට සැනසීමත් ලගා කර දෙන්න පුලුවන්..

ඔබට ගොඩක් ‍කාලෙකින් හමුනොවු, තොරතුරක් නොලැබු, මිතුරෙකු හෝ මිතුරියක් ගැන තොරතුරු හෝ හමුවීමක් ලබා ගැනීම ඔබට හිතේ ඇති කාන්දම් බලය භාවිතා කරන්න පුලුවන්.. ඒ සදහා ඔබ, ඔහු හෝ ඇයගේ රූපය පිළිබද ‍උදෑසන අවදි වු විටත්, රාත්‍රී නින්දට යන විටත් ,හැකිනම් දවසට අවම 10 වතාවක් පමණ වත් හොදින් සිහිපත් කරන්න.. ඔබ එය කරන ප්‍රභලතාව අනුව එය ඉටුවීම ඉක්මනින් සිදු වේ. නැතහොත් මාසයක් යාමට පෙර ඔබට හමුවීමට අවශ්‍ය මිතුරා හෝ මිතුරිය ගැන තොරතුරු හෝ හමුවීමක් ලබා ගැනීම අනිවාර්යෙන් හැකිවනු ඇත. (කිසිදු විශ්වාසයකින් තොරවට ‍මෙය නිකරුනේ සිදු කිරී‍මෙන් ප්‍රතිඵල නොලැබිය හැකිය.)

ඉහත කරුණ ඔබට අත්දැකීමක් වු විට සිතේ ඇති කාන්දම් බලය පිළිබද ඔබට ‍‍හොදින් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබේ.. ඒ ගැන විශ්වාස කරන්න පුලුවන් වෙයි.

ඔබට මුදල් අවශ්‍ය නම් නිතරම ඔබ, ඔබ වෙත මුදල් ලැබෙනවා, මුදල් ආකර්ෂණය වෙනවා, මුදල් ලබා ගන්නා ක්‍රම හමුවෙනවා ආදි ලෙස නිතරම විශ්වාසයෙන් අවංකව සිහිපත් කල හැකි නම් ඔබට මුදල් වෙනදාට වඩා ලැබෙන බව සති කිහිපයක් ගත වු පසු ඔබ දැනෙවී. ලෝකයේ ‍ගොඩක් දෙනෙක් මෙය දැන හෝ නොදැන භාවිතා කර ධනවතුන් වී ඇති බව ඔබ දන්නවාද?

ඔබ ඉගෙනුම ලබන කෙනෙක් නම් ඔබ‍ට දැනුම හා ඊට අදාල හොදම පොත්පත්, ගුරුභවතුන් හමුවේ යැයි තදින් විශ්වාස කරන්න.. ඒ ගැන විශ්වාසයෙන් නිතර සිතන්න.. අනිවාර්යෙන් සති කිහිපයක් යන විට ඔබ සොයා සිටි සියල්ල ක්‍රමයෙන් ඔබ වෙත ලැබේවි.

තවත් වැදගත් දෙයක්… ඔබ කරදර දුක් ආදිය ගැන නිතරම සිතන්නට ගියත් හිතේ ඇති කාන්දම ක්‍රියාත්මක වී කරදර හා දුක් ඔබ වෙත ලගා කරවාවි.. ඒ නිසා බැරිවෙලාවක් අසුභවාදී දේවල් හිතන්න එපා.. හැකි හැම විටම ධනාත්මක සිතුවිලි පමණක් සිතේ තියා ගන්න.. එතකොට ධනාත්මක විදියට සියල්ල සිදුවෙනවා..

හෙමින් සමාජය දෙස නිරීක්ෂණය කරලා බලන්න නිතරම කරදර හා දුකින් සිටින මිනිසුන් ලග ධනාත්මක සිතුවිලි නෑ.. ඒ අය ලග තියෙන්නේ සෘණාත්මක සිතුවිලි ගොඩක් විතරයි… ඒ අසුභවාදී සිතුවිලි නිසා ඒ අයගේ හිතේ කාන්දම ක්‍රියාත්මක වෙන්නේ කරදර හා දුක ඔවුන් ලගට ගේන්න විතරයි.. ඒක නිසා නිතරම ඔවුන් කියන්නේ “ජීවිතේම එපා වෙලා තියෙන්නේ.. කරදර ඉවරයක් නෑ..” කියලා.. එත් එයාලට ඒ හැම කරදරයකින්ම බේරෙන්න හැකි හොදම ක්‍රමය තමයි ධනාත්මක ලෙස සිතන්නට පුරුදු වෙන එක.. ධනාත්මක ලෙස හිතන්න පුරුදු උනොත් කරදර සියල්ල අවම වෙලා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන්න හැකි වෙනවා..

ඔබට අවශ්‍ය දේ ගැන සිතේ කාන්දමට දැනෙන්න සලස්වන්න ඒ ගැන නිතරම සුභවාදීව හා විශ්වාස ලෙස සිතන්න.. එවිට අවශ්‍ය සියලු දේ සිතේ කාන්දමෙන් ඔබ ලගට ලගා කර දෙනු ඇත.

මේ ගැන ඔබට ඇති ගැටඵ හෝ ඔබගේ අත්දැකීම් අපට ලියන්න.. ඔබට ධනාත්මකව සිතන්න උදවු කරන්න අපි සුදානම්..

ඔබට මේ පිළිබද තවදුරටත් සහයක් අවශ්‍ය නම් මෙතැනින් ඔබගේ ගැටඵව අප වෙත ලියන්න

Call Now