ධනාත්මක සිතුවිල්ලක බලය
සිතුවිල්ලක මහත් බලයක් ඇත. ඔබ දන්නවාද ඔබ දැන් සිතන සිතුවිල්ල අනුව ඔබගේ අනාගතය තීරණය වන බව?
ඔබේ වර්තමානය ඔබේ සිතුවිලි වල ප්‍රතිඵලයකි
ඔබ මේ දැන් වර්ථමානයේ සිටින තත්ත්වය හේතුව ඔබගේ සිතුවිලිය. ඔබ දැන් ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් සිටිනවා නම් අනිවාර්යෙන් ඔබ ධනාත්මක සිතුවිලි වලින් පෝසත් කෙනෙකුය. නමුත් ඔබ වර්ථමානයේ පසුතැවෙමින් දුකින් කලකිරීමෙන් ජීවත් වෙනවා නම් ඔබ සෘණාත්මක සිතුවිලි දරන්නෙකුය.
සිතන්න ඔබ දැනට සිටින තත්ත්වයට වඩා හොද තැනකට පැමිණිමට අවශ්‍ය නම් මුලින්ම කල යුත්තේ ඔබේ සිතුවිලි වෙනස් කර ගැනීමයි.. ගොඩක් දෙනෙක් ජීවිතය දුක්ඛිත ලෙස ගෙවමින් කවදා හරි හොද කාලයක් ලැබෙතැයි සිතමින් කාලය ගත කලත් සිතුවිලි වෙනස් වීමකින් තොරව හොද කාලයක් කිසිදා උදා වෙන්නේ නැත. ඒ තරම්ම ඔබ නොසලකුවත් ඔබගේ සිතුවිලි ප්‍රභලය… බලවත්ය..
එබැවින් ඔබට දැන් අත්විදිමින් තිබෙන දුක් කම්කටොලු පසුතැවීම් වලින් මිදීම සදහා ඔබගේ සිතුවිලි ධනාත්මක ලෙස වෙනස් කර ගැනිමට අධිෂ්ඨානශිලිව කටයුතු ආරම්භ කල යුතුය.
ධනාත්මක ජීවිතයකට මාරුවීමේ පියවර
ඔබ වඩා හොඳ තත්ත්වයකට ළඟාවීමට අවශ්‍ය නම්, ඔබේ සිතුවිලි වෙනස් කිරීමට දැන්ම පියවර ගන්න.
මම කෙසේ ධනාත්මක සිතුවිලි වර්ධනය කරගන්නේද?
- ඔබ තුල පුරුද්දට මෙන් ඇති වෙන සෘණාත්මක සිතුවිලි හදුනා ගැනීමට උත්සහ දැරීම ආරම්භ කරන්න.
- සෘණාත්මක සිතුවිල්ලක් ඇති වු විගස ඊට විරුද්ධ ධනාත්මක සිතුවිල්ලක් සිතන්න
- සෘණාත්මක පරිසර වලින් ඈත් වන්න
- ධනාත්මක සිතුවිලි සහිත හිතවතුන් සමඟ සම්බන්ධ වන්න. සෘණාත්මක සිතුවිලි සහිත පරිසර වලින්/ මිතුරු මිතුරුයන් ගෙන ඈත් වන්න..
- සෘණාත්මක අදහස් ගැන කථා නොකරන්න
- ධනාත්මක දේ ගැන පමණක් කතා කරන්න
- සෘණාත්මක අදහස් ඇති චිත්‍රපටි/ ටෙලිනාට්‍ය නැරඹීමෙන් මිදෙන්න..
- ඔබ ගැන විශ්වාසය වැඩි කර ගන්න
- ජීවිතය දෙස අවංකවම ධනාත්මකව බලන්න.. එවිට ඔබ නොදැනීම ජීවිතය සතුටින් තෘප්තියෙන් පිරි එකක් වනු ඇත.
උදව් අවශ්‍යද?
ඔබට මෙය තනිවම කළ නොහැකි නම්, අපි ඔබට සහාය වීමට සුදානම්!
📧 අපව සම්බන්ධ කරන්න: info@positive.lk හෝ මෙතැනින්