විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා වූ මාර්ගගත මනෝවිද්‍යා උපදේශනය
Online Counseling for Sri Lankan Expats
දුර රටක හිටියත්, ඔබේ මනසට ළඟින්ම ඉන්න අපි සූදානම්…
විදේශගතව රැකියාවක නිරත වීම හෝ උසස් අධ්‍යාපනය ලැබීම යනු ඔබේ ජීවිතයේ සුවිශේෂී කඩඉමක් වුවත්, ඒ පිටුපස ඔබ නිහඬව දරාගන්නා පීඩනයන් බොහොමයක් තිබිය හැක. නුහුරු සංස්කෘතියක්, පවුලේ ආදරණීයයන්ගෙන් දුරස් වී දැනෙන තනිකම, අධික වැඩ බර මෙන්ම අලුත් පරිසරයකට හැඩගැසීමේ අභියෝග නිසා ඔබේ මානසික සුවතාවයට විශාල බලපෑමක් එල්ල වීම ඉතාම සාමාන්‍ය තත්ත්වයකි.
අප ඔබට සමීප කරන්නේ, ඔබ ලෝකයේ කොහේ සිටියත් ඔබේ මව්බසින්ම කතා කරමින්, කිසිදු විනිශ්චයකින් තොරව ඔබේ හදවතේ බර නිදහස් කරගත හැකි පූර්ණ රහසිගත සහ සුරක්ෂිත Online උපදේශන සේවාවකි.
අපගේ මාර්ගගත සේවාව විදේශගත ඔබට විශේෂ වන්නේ ඇයි?
- හදවතට දැනෙන වේදනාව සහ පීඩනය වඩාත්ම හොඳින් ප්‍රකාශ කළ හැක්කේ තමන්ගේ මව්බසිනි. සිංහල භාෂාවෙන් කිසිදු පැකිලීමකින් තොරව ඔබේ ගැටලු අප සමඟ සාකච්ඡා කළ හැක.
- විදේශික උපදේශකයෙකුට වඩා ශ්‍රී ලාංකික පවුල් පසුබිම, අපේ බැඳීම්වල වටිනාකම සහ අපටම ආවේණික වූ සමාජීය ගැටලු පිළිබඳව වෘත්තීයමය මෙන්ම සංවේදී අවබෝධයක් අප සතු වේ.
- රටවල් අතර වේලාවන්ගේ වෙනස (Time Zone Differences) පිළිබඳව අවබෝධයෙන් යුතුව, ඔබට පහසු වේලාවකදී සැසි වෙන්කරවා ගැනීමේ නිදහස (Flexible Scheduling) ඔබට ලැබේ.
- නිවසේ සිටම Zoom, Google Meet, Microsoft Teams , WhatsApp හෝ වෙනත් ආරක්ෂිත වීඩියෝ/ශ්‍රව්‍ය මාධ්‍යයක් ඔස්සේ ඉතා පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව.
- අප වෙත යොමු කරන සියලුම තොරතුරු සහ සාකච්ඡා ජාත්‍යන්තර සායනික ආචාරධර්මයන්ට යටත්ව 100% ක් සුරක්ෂිතව (Strict Confidentiality)පවත්වාගෙන යනු ලබයි.
අපට ඔබට සහාය විය හැකි ප්‍රධාන අවස්ථා (Our Focus Areas)
1. තනිකම සහ විරහව කළමනාකරණය (Homesickness & Loneliness)
මව්බිමෙන් සහ ආදරණීයයන්ගෙන් ඈත් වී සිටීමේදී ඇතිවන දැඩි පාළුව, කනස්සල්ල සහ විෂාද ලක්ෂණ (Depression) සමනය කරමින් මානසිකව සවිබල ගැන්වීම.
2. රැකියා සහ අධ්‍යාපනික ආතතිය (Work & Academic Stress)
විදේශීය සේවා ස්ථානවල හෝ විශ්වවිද්‍යාලවල පවතින දැඩි තරඟකාරීත්වය සහ ඉලක්ක සපුරා ගැනීමේදී ඇතිවන කාංසාව (Anxiety) මනෝවිද්‍යාත්මකව කළමනාකරණය කිරීම.
3. දුරස්ථ සබඳතා සහ පවුල් ගැටලු (Long-Distance Relationships & Family Issues)
දුරස්ථභාවය නිසා අඹුසැමියන් හෝ පෙම්වතුන් අතර ඇතිවන සන්නිවේදන බිඳවැටීම් සහ අවිශ්වාසයන් මඟහරවා ගනිමින් සබඳතා යළි ශක්තිමත් කිරීම.
4. මාතෘ සහ දරුවන්ගේ යහපැවැත්ම (Maternal Well-being in a Foreign Land)
විදේශයකදී මවක් වීම, ගර්භණී සමය සහ දරුවන් ලැබීමෙන් පසු ඇතිවන අභියෝග (පශ්චාත් ප්‍රසව ආතතිය ඇතුළුව) තනිවම දරාගන්නා මව්වරුන් සඳහාම වෙන්වූ සායනික උපදේශනය
5. නව පරිසරයට හැඩගැසීම (Cultural Adjustment Issues)
නව සංස්කෘතියකට අනුගත වීමේදී ඇතිවන සංස්කෘතික කම්පනය (Culture Shock)ට ඔරොත්තු දීමේ දී ඇති වෙන ගැටඵ සදහා සහාය ලබා දෙයි. එනම් විදේශගත වූවන්ට තමන්ගේ මව් සංස්කෘතිය සහ නව රටේ සංස්කෘතිය අතර අතරමං වූ විට ඇතිවන මානසික ගැටඵ වලින් මිදීමට සහාය ලබා දෙයි.
ඔබේ උපදේශන සැසිය අදම වෙන්කරවා ගන්න
ඔබ තනිවී නැත. මානසික කඩාවැටීම් හා මානසික පීඩා මැද ඔබේ අරමුණු වෙත යන ගමනේදී අවශ්‍ය මානසික ශක්තිය ලබා දීමට අප සූදානම්.
පහත අංක හරහා WhatsApp මඟින් හෝ දුරකථන ඇමතුමක් මඟින් අපව සම්බන්ධ කරගන්න.
📞 දුරකථන හෝ WhatsApp: +94 71 800 4444 / +94 71 222 4999
✉️ විද්‍යුත් තැපෑල: info@positive.lk
ඔබට Online උපදේශන සැසියක් වෙන්කරවා ගන්න.

